IMG-LOGO

ගුවන් හමුදාව එජා සාම සේවයට

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හයක් සමඟ හෙලිකොප්ටර් බළ පන්තියක් මධ්‍යම අප්‍රියා ජනරජයේ සහ සූඩානයේ රාජකාරි සඳහා යවන බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක  කියයි.

ප්‍රථම කණ්ඩායම එම් අයි 17 හෙළිකොප්ටර් යානා තුනක් සමඟ වින්ග් කමාන්ඩර් නිපුණ තන්නිපුල්ලේආරච්චිගේ   අද (9) පිටත්ව ගියේය.

නිලධරයෝ 17 දෙනෙක් ද, ගුවන් භටයෝ 105 දෙනෙක් ද ඔහු සමඟ ගියහ.

වින්ග් කමාන්ඩර් විශ්ව ශ්‍යාමන්ත දෙවැනි කණ්ඩායමට නායකත්වය දෙයි. ගුවන් භටයෝ 120ක් ඔහු සමඟ යති.

භට පිරිස්, තුවාලකරුවන් , ප්‍රභූන්, ආහාර පාන සහ භාණ්ඩ ප්‍රවාහනය ඔවුන්ට පැවරෙන රාජකාරි අතර වෙයි.

DSC_0235 DSC_9081



අදහස් (0)

ගුවන් හමුදාව එජා සාම සේවයට

වීරසිංහ ප්‍රියන්ත වීරසිංහ Tuesday, 09 September 2014 05:26 PM

මේකෙන් ලොක්කෝ හම්බකරගනියි. සොක්කන්ට හුළං තමයි. (ස)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 10 September 2014 08:58 AM

එක පැත්තකින් අපේ හමුදාවට විරුධව මානව හිමිකම් ප්‍රශ්න දමන ගමන් අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ කුණු ගොඩවල් පිරිසිදු කරන්න අපේ හමුදාව ඉල්ලනවා. විශ්ව සමන්ත කියන්නේ අපට ඉන්න ඉතාම දක්ෂ, පළපුරුදු නිර්භීත ගුවන් නියමුවෙක් , යුද්දේදී ඔහුට දේවතාවක් ත්‍රස්තවාදී ප්‍රහාර නිසා තුවාල වෙලා තිබෙනවා , මෙවැනි වටිනා මනුස්සයෙක් ඇතුළු භට පිරිසක් එබොලා වෛරසය ඇතුළු නොයෙකුත් ලෙඩ රෝග සහිත රටකට යැවීම අනුවන කමකි . (ස)

:       0       0

මංගල Tuesday, 09 September 2014 06:38 PM

අපිට පෙරළා ලැබෙනවා මානවහිමිකම් චෝදනා සහ යුධ අපරාද චෝදනා. (ස)

:       0       0

ඉන්දු Wednesday, 10 September 2014 08:58 AM

මහේෂ්, අප්‍රිකාව කියන්නෙ රටක් නෙමෙයි, මහද්වීපයක්. මේ යන හැම හමුදා භටයෙක් වෙනුවෙන්ම මසකට ඇමරිකානු ඩොලර් 1228 රටට ලැබෙනව​. කලින් එකඟ වී, රැගෙනයන සෑම උපකරණයක් (ලොකු හෝ කුඩා) වෙනුවෙන්ම මාසිකව විශාල බදු මුදලක් විදේශ විනිමය ලෙස අපේ රටට ලැබෙනව​. ගෞරවනීය රැකියාවක්. මේ විදිහට අපේ හමුදාවන් විදෙස් සේවයට යවන්න ලැබෙනවා නම්, මැද පෙරදිග ගෘහ සේවය (වහල් සේවය​) ට යන කාන්තාවන් ප්‍රමාණය​, අඩුවේවි. මේ කණ්ඩායමේ සියලු දෙනාට ජය වේවා.......! (ස)

:       0       0

සනත් Tuesday, 09 September 2014 09:18 PM

සල්ලි (ස)

:       0       0

ඉස්ෆහාන් Tuesday, 09 September 2014 10:21 PM

විදේශ විනිමය සහ සහජීවනය !! (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 10 September 2014 02:43 AM

මේක හොඳ දෙයක්. මොකද මේක නිකම් කරන සේවයක් නොවෙයි නේ. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 10 September 2014 03:17 AM

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අප ලැබූ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැක. (නි)

:       0       0

ලලිත් Wednesday, 10 September 2014 03:29 AM

ඉසුරන්දි හරියට හරි. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 10 September 2014 03:53 AM

අපේ වීරෝධාර රණවිරුවන්ට ත්‍රිවිධ රත්නයේ පිහිට පතනවා! (නි)

:       0       0

ධම්ම Tuesday, 09 September 2014 12:29 PM

අපට මේ වෙනුවෙන් මොනවද පෙරළා ලැබෙන්නේ? (නි)

:       0       0

මුස්තාක් Tuesday, 09 September 2014 12:45 PM

රණවිරුවන්ට ජයවේවා! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 September 2014 12:49 PM

පිල්ලේ නෝනලාට මේවා පෙනෙන්නේ නැද්ද? අපේ හමුදාව යුද අපරාධ කරලා තියෙනවා නම් ඇයි එයාලා අපේ හමුදාව සාමසාධක බලකායට එකතු කරගත්තේ. පිල්ලේ නෝනගේ කොටි පුල්ලි මැකෙන්නේ මේවා ආදර්ශයට ගත්ත දාට තමයි. (නි)

:       0       0

අභය Wednesday, 10 September 2014 04:57 AM

ධම්ම වගේ හැම කරන දෙකටම යමක් බලාපොරොත්තු වෙන මිනිස්සු කොහෙත් ඉන්නවා. මේ වගේ මිනිස්සු අසරණ කෙනෙකුට යමක් දුන්නත් මොනවා හරි බලාපොරොත්තු වෙනවා මයි. කල්පනා කරන්න අපිට සුනාමි අපු වෙලාවේ ලෝකේ රටවල් වලින් අපිට කරපු දේවල් කෑම/ බෙහෙත්/කුඩාරම්/වතුර/ඇදුම් /වෛද්‍ය වරු /සාම සාදක හමුදාවල් ආවේ යමක් බලාපොරුත්තුවෙන් ද ? (නදී)

:       0       0

මිනෝලි Tuesday, 09 September 2014 12:58 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

මහේෂ් Wednesday, 10 September 2014 05:06 AM

එබෝලා තාම තියෙන රටකට මේ මනුස්සයො යවන්නෙ පිස්සුද? අන්තිමට මනුස්සයො බිල්ලට දීලද සල්ලි හොයන්න යන්නෙ.. හෙන ගහනවා අනික අප්‍රිකාව කියන්නෙ රටක්ද..(ස)

:       0       0

රජින්ද Tuesday, 09 September 2014 01:19 PM

බලාගෙනයි. අර එබෝලා වෛරසය තවම ඒ පැත්තේ තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් ගොස් රාජකාරිය කර ඉක්මනින්ම මව් රටට ඒමට ලැබේවා...!!! (නි)

:       0       0

විජේදාස Tuesday, 09 September 2014 01:57 PM

සතුටුයි! (නි)

:       0       0

ජගත් Tuesday, 09 September 2014 02:15 PM

ධම්ම, ඔයාට තේරෙන්නේ නැද්ද පෙරළා ලැබෙන්නේ මොනවද කියලා? (නි)

:       0       0

කමල් Tuesday, 09 September 2014 02:36 PM

එබෝලා වෛරසය ගැන ප්‍රවේශම් වන්න (නි)

:       0       0

තිළිණ Tuesday, 09 September 2014 02:44 PM

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබෙන කීර්ති නාමය ශ්‍රී ලංකාව ලබන එක්තරා ජයග්‍රහණයකි. අපේ රට වෙනුවෙන් ආඩම්බර වියහැකි අගනා හොඳ ප්‍රවෘතියක්. (නි)

:       0       0

ඉන්දික Tuesday, 09 September 2014 02:52 PM

එබෝලා වෛරසයෙන් ප්‍රවේශම් වන්න (නි)

:       0       0

වසන්ත Tuesday, 09 September 2014 02:59 PM

ධම්ම වගේ අය මොනවා හරි ලැබෙනතුරු බලාගෙන ඉන්න එක තමා කරන්නේ. (නි)

:       0       0

පියුමි Tuesday, 09 September 2014 03:02 PM

ධම්ම- අපට එබෝලා නිකම් ලැබෙනවා (ස)

:       0       0

හේමන්ත Tuesday, 09 September 2014 04:15 PM

මාගේ හෘදයාංගම සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 599 1

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 429 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 478 2

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1758 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 819 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 484 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1379 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site