IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුවන් සේවයට ටෙන්ඩර් කැඳවයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රීලංකන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්‍රතිව්‍යුහගතකරණය)  ටෙන්ඩර් කැඳවා ඇත.

දෙස් විදෙස් මුද්‍රිත මාධ්‍ය වෙබ් අඩවිවල  ටෙන්ඩර්  කැඳවීමේ  පත්‍රිකා ප්‍රසිද්ධ කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය

මෙම ටෙන්ඩර් කටයුතු වලට මැදිහත්ව සිටින්නේ  මුදල් අමාත්‍යාංශයයි. මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 120  ක් බව  වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (10)

ගුවන් සේවයට ටෙන්ඩර් කැඳවයි

Chamila Fernando Wednesday, 01 November 2023 01:11 PM

මම අවුරුදු 17ක් තිස්සේ ට්‍රැවල් කරනවා. අපි හැමදාමත් ගියේ සල්ලි ගෙවලා. අපිව ඔවුන් ණයට එක්ක ගියේ නැහැනේ. එයාලයින් එක ඩොලර් කෝටි 120ක් ණය වුනේ අහවල් දේකටද?

:       2       51

රීසාහ්Wednesday, 01 November 2023 02:16 PM

ඔයා සල්ලි ගෙවලා ගියාට, මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ නෑදෑ හිතවතුන් හිඟන්නෝ සල්ලි ගෙවලා නෙමෙයිනේ යන්නේ...

:       2       31

ZaeemThursday, 02 November 2023 05:02 AM

ඔබ මුදල් ගෙව්වා. නමුත් දේශපාලකයෝ ක්‍රිකට් බලන්න ගියේ කාර්ය මණ්ඩලය 160ක් නොමිලේ

:       0       2

Ajith Wednesday, 01 November 2023 01:51 PM

වංශේ කබල් ගාන්න, ගුවන් සේවාවක් පවත්වාගෙන ගියාම අන්තිමට ඉතුරු වෙන්නේ ණය විතරයි. ඩොලර් කෝටි 120 X 328 = රුපියල් කෝටි 39,360, දුප්පත් හා මධ්‍යම පාන්තිකයින්ට ලක්ෂ 45ක් විතර ගෙවල් විතරක් 45000 හදන්න තිබුණා... හයි වේ විතරක් 10, නිකන් තෙල් පිච්චුවා විතරයි...

:       4       30

Kumara Wednesday, 01 November 2023 02:17 PM

ඕක බස්ගැමුණුට දෙන්න...

:       3       9

රංබොඩ Wednesday, 01 November 2023 02:32 PM

රට රටවල ගිහින් මව්බිමට ඩොලර් එවන ජාති... හිතෛෂී පුරවැසියන් කවදත් තෝරාගත්තේ තම රටේ ගුවන් සේවය. එය දිනෙන් දින පිරිහෙන හැටි යන එන කාටත් දැනුණු දෙයක්. හොරකම්, ගසාකෑම්, වංචා, දූෂණ විසින් එය විනාශ කර දැමුවා. ලංකාවේම ආයෝජකයෙක්... මෙය මිලදී ගෙන නඩත්තු කර ලාභ ලබන තත්ත්වයට පත්කර ගන්නේ නම් සතුටට කරුණකි. විදේශ ආයෝජකයෙකුට ගිය සැනින් අපේකම ඉන් ඉවත් වෙනවා. එය දුකට හේතුවක්...

:       5       13

Kazi Shajahan Wednesday, 01 November 2023 04:24 PM

රාජපක්ෂලාටම කවුරුහරි දාලා ගනියි. හොරාකාපු සල්ලි තියෙනවනේ...!

:       4       20

duminda Wednesday, 01 November 2023 05:19 PM

මස්සිනාට එන්න කියන්න, ඇවිත් ගන්න කියන්න..

:       1       4

Prasanna Wednesday, 01 November 2023 06:11 PM

CGR එකත් වහාම විකුණලා දාන්න...

:       0       12

Bamunuarachchi Wednesday, 01 November 2023 08:55 PM

මෙහි සේවකයින්ගේ පවුල්වල අයටත් නොමිලේ විදෙස් රටවල සවාරි හිමි වෙනවා. ඉතින් පාඩු නොවී තියේද? කොහොම හරි විකුණා දමන්න. පෞද්ගලික අංශය මේවා හදලා ගනීවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site