ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තවත් එක් සුවිශේෂී අංගයක් වන 2015 අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.
සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් 23 කට අධීක කණ්ඩායම් සංඛ්‍යාවක් මෙවර තරඟාවළියට සහභාගී වූ අතර ඉන් රත්මලාන ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම, අනුරාධපුර ගුවන් හමුදා කඳවුර සහ මොරවැව ගුවන් හමුදා කඳවුර අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය. මෙම කණ්ඩායම් තුන ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඉදිරියේ තම දක්ෂතාවයන් ඉදිරිපත් කරන ලදී.
මෙහිදී පයිලට් ඔෆිසර් ඒඑන්වී මීතලාව අණදුන් මොරවැව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම (ලකුණු 438.2) ශූරතාවයට හිමිකම් කියනු ලැබූ අතර ෆලයින් ලෙෆ්ටිනන් ඩීඑමිකේ ගමගේ අණදුන් අනුරාධපුරය ගුවන් හමුදා මුලික කඳවුරු කණ්ඩායම (ලකුණු 430.94) සහ පයිලට් ඔෆිසර් එචිඑචිඩී ජීවන්ත අණදුන් රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුරු කණ්ඩායම (ලකුණු 422.7) පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන ලබා ගන්නා ලදී.
තූර්යවාදක තරඟාවළියේදී මුලික කදවුර කටුනායක තූර්ය වාදක කණ්ඩායම සහ චීන වරාය විද්‍යාපීඨ තූර්යවාදක කණ්ඩායම තරඟ වදින ලදී.
ගුවන් හමුදාව සතුව තූර්ය වාදක කණ්ඩායම් හතරක් පවතී. ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම 1970 ජූලි මස 01 වන දින සිට ආරම්භ කරන ලද අතර එය 2002 වසරේදී කොටස් දෙකකට වෙන්කොට කණ්ඩායම් දෙකක් නිර්මාණය කරන ලදී. ඒ කණ්ඩායම සහ බී කණ්ඩායම වශයෙන් මූලිකව හැදින්වූ මෙම තූර්යවාදක කණ්ඩායම් යුගලය රෙඩ් වින්ග් සහ ග්‍රීන් වින් ලෙස 2005 වසරේ සිට හඳුන්වනු ලබයි.
තූර්ය වාදක කණ්ඩායම් සඳහා වූ අධික වෙහෙසකර කාලසටහන හේතුවෙන් විසිරයාම් පෙළපාලි සහ අනෙකුත් චාරිත්‍රානුකූල උත්සව අවස්ථාවන් සඳහා 2007 වසරේදී දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේ තුන්වන තූර්යවාදක කණ්ඩායම ස්ථාපිත කරන ලදී. එසේම 2009 වසරේදී ගුවන් හමුදා හතරවන තූර්ය වාදක කණ්ඩායම චීනවරාය ගුවන් හමුදා කදවුරේ ස්ථාපිත කරන ලදි.
ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායමි දෙකක් තම හැකියාවන් අනුසාරයෙන් සරඹ සදහා ඒකාබද්ධ වාදනයක් සපයනු ලබන අතර සංගීත රටාවන් එක්කරමින් ප්‍රේක්ෂකයන් හට විනෝදාස්වාදයක් ද සපයනු ලැබීය. එසේම මෙම කණ්ඩායම් ද්විත්වයම අගනා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ කණ්ඩායම් ද්විත්වයක් වන අතර ඉන් චීන වරාය විද්‍යාපීඨ තූර්යවාදක කණ්ඩායම මුලික කදවුර කටුනායක තූර්ය වාදක කණ්ඩායම පරදවා අන්තර් ඒකක තූර්ය වාදක තරඟවළියේ ශූරතාවය දිනා ගන්නා ලදී.
ගුවන් හමුදා අධ්‍යකෂක මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්කේ පතිරණ, ගුවන් හමුදා නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් ශූරතා දෙකම ත්‍රී මලේට