( සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ආයතන දහයක් සහ පෞද්ගලික ආයතන දෙකක් ගුවන් යානා ලබාගෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් එක් කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
වර්ෂ තුනක කාලයක සිට මෙම මුදල අයකර ගෙන නැතැයිද එම වාර්තාවේ දැක්වේ.
මේ ආදායම මුදල් රෙගුලාසි 128 (2) ප්‍රකාරව අප්‍රමාදව එකතු කර ගැනීමට කටයුතු කරන්නැයි ජාතික විගණන කාර්යාලය නිර්දේශ කළේය.
ගුවන් හමුදාවට ලැබිය යුතු හිඟ මුදල් අදාල අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබියදීත් එම නියෝගයට පටහැනිව හිඟ මුදලින් රුපියල් 58 ලක්ෂයකට වැඩි මුදලක් රජයට සිදු වූ පාඩුවක් සේ සලකා කපා හැරීමට කටයුතු ආරම්භ කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගුවන් යානා කුලියට අරන් කෝටියක පොලු තියලා