IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 415 ක් පමණ සේවයේ සිටිය යුතු බව ද කියන එහි කාර්මික ශිල්පීහූ එම ගුවන් සේවයේ කාර්මික ශිල්පීන්ට විදේශ ප්‍රධාන ගුවන් සේවාවල ඉහළ ඉල්ලුමක් ඇති බව ද සඳහන් කරති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා කාර්මික ශිල්පීයෙක් රුපියල් 70,000 ක මූලික වැටුපට සේවයට පැමිණ උපරිම වශයෙන් රුපියල් ලක්‍ෂයත් ලක්‍ෂ දෙකත් අතර වැටුපක් ලැබිය හැකි බවත් විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම්වල ගුවන් යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්‍ෂ 10 ක් වැනි ඉහළ වැටුපක ඉල්ලුමක් ඇති බවත් කාර්මික ශිල්පීහූ සඳහන් කරති.   



අදහස් (6)

ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති

kotiya Monday, 26 February 2024 11:12 PM

ඉතුරු 250 මොකද්ද මේකේ ලැගගෙන කරන්නේ? උනුත් ගියා නම් මේක ඉක්මනට වහලා දාලා සල්ලි ටිකක් ඉතුරු කරගන්න තිබ්බා

:       10       65

sam Monday, 26 February 2024 11:29 PM

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා කාර්මික ශිල්පීයෙක් රුපියල් 70,000 ක මූලික වැටුපට සේවයට පැමිණ උපරිම වශයෙන් රුපියල් ලක්‍ෂයත් ලක්‍ෂ දෙකත් අතර වැටුපක් ලැබිය හැකි බවත් විදේශ රටවල ඇතැම් ගුවන් සමාගම්වල ගුවන් යානා කාර්මික ශිල්පීන්ට රුපියල් ලක්‍ෂ 10 ක් වැනි ඉහළ වැටුපක ඉල්ලුමක් ඇති බව සබය එසේ උවත් ඔවුන්ගේ වැටුප ලබාගැනීමේදී ඔවුනට බදුවසයෙන් විසල මුදලක් ගෙවීමට සිදුවේ එය වැටුප ලබාගැනීමේදී සහ වසර අවසානයේදී සිදුවේ. කෙසේ නමුත් කඩාවැටුණු ආර්ථිකයක් පවතින රටක කඩාවැටුණු ශ්‍රී ලන්කන් ගුවන් සේවයක් නඩත්තු කල නොහැකිය. මෙම කඩාවැටීමට දේශපාලන වුර්තිය සමිතින් ඇතුළු සමස්ත පරිපාලනයම වගකිව යුතුවේ. මිහින් ලංකා සමගම සහ එය අරඹ කිරීමට දායකත්වය ලබාදුන් පිරිසද මේ අතර වේ. පාඩු ලබනාවූ ආයතන නඩත්තු කිරීමේ වගකීම යම් ලාබයක් උපයන ආයතන මගින් ලබගන්නාවූ අදායමෙන් නඩත්තු කිරීම සැමදා කල නොහැක. education health military and police අත්‍යවශ්‍ය සේවා සදහා මුදල් වියදම් කිරීමට රජයේ මුලික වගකීමකි.

:       5       43

sam Monday, 26 February 2024 11:30 PM

පුද්ගලික කරණය සිදුකිරීමට වුර්තිය සමිතින් සහ පාලන අදිකාරිය අකමැතිනම් ඉදිරි පළමු ජාතික මැතිවරණයේදී පාඩු ලබන සියලු ආයතන වල පසුගිය දසක 2 - 3 තුල සිදුවූ මුදල් වැයවීම ( මහජන මුදල් ) පාඩුව පිලිබදව රටේ පුරවැසියන් දැනුවත් කර මහජන කැමැත්තද ඒසදහා ලබාගැනීම වැදගත්වේ. එවැනි අවස්තවකදී රටේ පුරවැසිය සියල්ල සමස්ත වෙනසක් වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය ලබාදෙනු ඇත. දසක ගණනාවක් ලෝකයට නය වෙමින් රටේ පුරවැසියන් රැවටීමට ලක්කරමි දේශපාලන කිරීමට අවස්ථව හමාර කර, පුරවැසියනට සත්‍ය ප්‍රකාශ කලයුතුවේ. එසේ සිදුඋවහොත් සමස්ත දේශපාලන පරිපාලන විවුහය වෙනසක් වෙනුවෙන් රටේ පුරවැසියන් ඔවුන්ගේ චන්දය ලබාදෙනු ඇත. එය අලුත් සනදනයක් හෝ අවන්කවම රට වෙනුවෙන් ක්රියකරනාවූ අරමුණක් සහිත ඉදිරියට යනවු පෙරමුණක් බිහිකර ගත යුතුවේ.

:       0       28

Lalla Tuesday, 27 February 2024 08:39 AM

ඕක විනාශ කලේ මයිනා සහ චන්ද්‍රිකා. පෞද්ගලික ගමන්වලට කාලසටහන් වෙනස්කරමින් ගුවන්යානා පාවිච්චියට ගත්තා. ඉතිරිය විනාශ කළේ කාලකන්නි සේවක රැල.. රටේ බදු ආදායම විනාශ නොකර වහලා දාලා සුඛෝපභෝගී ජීවිත හොයන සේවක රැලට වෙන රටවල වහල් වැඩට යන්න කියන්න. ධනවත් රටවල ලක්ෂ දහයක් කියන්නේ ගුවන් යානා හෝදන එකාලා ගන්න පඩිය...

:       0       0

nimal Tuesday, 27 February 2024 11:17 AM

අතිගරු ජනාධිපති, ඇමැති, සභාපති කරුණාකර ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ බිම් හැසිරවීම සහ ගුවන් තොටුපළේ විදේශීය සේවක කාර්යාලයද පෞද්ගලීකරණය කරන්න කල්තියා.... ස්තුතියි!

:       0       4

de silva Tuesday, 27 February 2024 03:48 PM

ශ්‍රී ලන්කන් කඩාවැටීම ආරම්භ වුණේ නිශාන්ත වික්‍රමසිංහ වෘත්තිය සමිති සමග එක්ව විවිධාකාර දූෂණ කිරීමත් සමග ඩොලර් මිලියන ගණන් කොමිස් ගහපු කපිල වැනි පුද්ගලයිනුත් මේවාට වගකියන්න ඕනේ නමුත් මේ සියලුදෙනාම අද යහතින් ජීවත් වෙනවා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site