
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයේ වැසිකිළියක තිබූ කළු පැහැති පාර්සලයක් බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන නවතා, බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමේදී එය කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්රන් පාර්සලයක් බව තහවුරු වීමෙන් පසුව එය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට බාර දී තිබේ .
ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා අද (10) දින පස්වරු 01.35 ට පිටත්ව යාමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කළේය .
එහෙත් එම ගුවන් යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවෙකු නොමැති කළු පැහැති පාර්සලයක් ඇති බව එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් සිය අවසන් පරීක්ෂණය තුළ දී සොයා ගෙන තිබුණි .
ඒ අනුව මෙම ගුවන් යානය ගුවන් ගත නොවී ධාවන පථයෙන් ආපසු හරවා ගෙන ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 01.40ට පැමිණ තිබේ .
ඉන්පසුව මෙම ගුවන් යානයේ සියලුම ගුවන් මගීන් පිටතට බස්වා , ගුවන් යානය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් , බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර , එහිදී මෙම පාර්සලය බෝම්බයක් නොව රත්තරන් පාර්සලයක් බවට තහවුරු කර තිබේ .
ඉන් අනතුරුව කිලෝ ග්‍රෑම් දෙකක් බරැති රත්රන් ක්‍රීම් වශයෙන් අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී ඇති අතර මෙම පාර්සලයේ හිමිකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැත .
මෙම ඉන්දීය ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් යළිත් පස්වරු 04.43 ට පිටත්ව ගියේය.

2025 නොවැම්බර් මස 04
219
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් යානයේ වැසිකිළියක ’’රත්රන්’’ බෝම්බයක්
Janaka Friday, 10 November 2023 08:33 PM
ඉතිං ඊට පස්සේ ඒ රත්රන් ටිකට දෙයියන්ගේ පිහිට ලැබුණාලු. කතාව ඉවරයි. අසා සිටි ඔබසැමට ඉස්කෝතුයි...!