මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක් නිසා හදිසියේම නැවත මෙල්බන් නුවරට ගොඩබැස්වීය.
මනෝද් මාක්ස් නැමැති එම ශ්‍රී ලාංකිකයා තමා සන්තකයේ බෝම්බයක් ඇතැයි පවසමින් නියමු කුටිය වෙත පිවිසීමට උත්සාහ කර ඇති අතර යානයේ වූ මගීන් පිරිසක් එය වළක්වාලූහ.
පොදු රාජ්‍ය මණ්ඩලයේ ගුවන් ගමන් අණ පනත්වලට අනුව තර්ජන සිදුකිරීම, අසත්‍ය හිමිකම් ප්‍රකාශ කිරීම සහ ගුවන් යානයක ආරක්ෂාව අනතුරු හෙළීමේ චෝදනා යටතේ මනෝද් මාක්ස් නැමැත්තාට චෝදනා එල්ල විය. මෙම චෝදනාවලට වැරැදිකරුවුවහොත් ඔහුට වසර 10ක සිර දඬුවමක් විඳීමට සිදුවනු ඇතැයි පැවසේ.
මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසෙන මනෝද් මාක්ස් නැමැත්තා මෙල්බන් නුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
තමන් අනාරක්ෂිත යැයි ඔහු පවසා තිබේ. එම නිසා ඔහුට අධිකරණයට ඉදිරිපත් විය නොහැකි යැයි ඔහුගේ නීතිඥයා දන්වා ඇත.
“ඔහු බියෙන් සිටින්නේ. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි” යැයි මනෝද් මාක්ස්ගේ නීතිඥයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.  
ශිෂ්‍ය වීසා මත මනෝද් මාක්ස් නැමැත්තා ඕස්ට්‍රේලියාවේ රැඳී සිට තිබේ.
වයස, පෙනුම ආදී හේතු කිහිපයක් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු මතු කරමින් තමාට මානසික සෞඛ්‍ය වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය බව මනෝද් මාක්ස් නැමැත්තා ඔහුගේ නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ.
මනෝද් මාක්ස් නැමැත්තා සන්තකයේ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී නොමැති අතර ඔහු ළඟ තිබී ඇත්තේ කුඩා ශබ්ද විකාශන යන්ත්‍රයකට සමාන උපකරණයක් යැයි ද පැවසේ.
25 හැවිරිදි මනෝද් මාක්ස් නැමැත්ති පුහුණු කෝකියකු ලෙස කටයුතු කරමින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් හී ජීවත් වී තිබේ.
මොහු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වෛද්‍ය මධ්‍යස්ථානයේ මනෝචිකිත්සක අංශයේ ප්‍රතිකාර ලබමින් සිට සිදුවීම වූ දිනයේදීම ඉන් පිටව ගොස් ඇති අතර ගුවන් යානය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇත්තේ ද එදිනමය.
මේ අතර මනෝද් මොණරාගල මාක්ස් නැමැත්තා ලබන අගෝස්තු මාසයේ දිනක් දක්වා රිමාන්ඞ් බන්ධානාගාර ගත කිරීමට මෙල්බන් අධිකරණයක් කටයුතු කළ බවත් ඔහු ඇප අයදුම් කර නැති බවත් ඕස්ට්‍රේලියානු පුවත් සේවා කිහිපයක් වාර්තා කර තිබිණි.
බී.බී.සී./සිඞ්නි මෝනින් හෙරල්ඞ් සහ ඬේලිමේල් ඇසුරිනි 055





								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් යානයේ බෝම්බ බිය ඇති කළ ලාංකිකයා බියෙන්
buddika Friday, 02 June 2017 11:03 AM
ගුවන් යානයේම හිටි මිනිස්සු ත්‍රස්තයෙන් බය කළ මේ පුද්ගලයාට දැන් බය දැනෙනවලු. බලන්නකෝ රටෙත් නම කෑවානේ...
සුදන් Friday, 02 June 2017 11:50 AM
ශ්‍රී ලාංකික අභිමානය කෙලෙසා දමනවිට දෙමළ වැසියෙක් යන්න භාවිතා නොකරන මෙම ජන කොට්ඨාසය ඔවුන්ගේ අයිතිවාසිකම ඉල්ලන විට දෙමළ ජනතාව ලෙස හැදින්වීම ඔවුනගේ සිරිතයි. ඇත්තනේම මොහු දැන් ඕස්ට්‍රේලියානුවෙක්....
buddhiika perera Friday, 02 June 2017 03:57 PM
බියක් නැතුව සතුටින් ඉන්න පුළුවන් වැඩක්ද කරලා තියන්නේ....
siri Friday, 02 June 2017 10:58 PM
සමහරවිට මීට වඩා බයානක ලෙඩ්ඩු ඉන්න පුළුවන්.පසුගිය කාලයක් පුර බෝට්ටුවලි දහස් ගණන් ඇවිත් වික්ටෝරියව පුර විසිරී ඉන්නවා.ඒ අතරින් සුළුපිරිසක් අහිංසක ජීවිත ගත කරන අතර,අනෙකුන් විවිද දේ කරමින් ඉතා අසහනකාරී ජීවිතයක් ගෙවන නිසා ඔවුන්ගෙන් සමහරවිට මීට වඩා බයානක දේවල් වෙන්න පුළුවන්.
amila Saturday, 03 June 2017 05:22 AM
රටම බලුකල මොනරාගල" බෛයා"
Chandera weerasinghe Saturday, 10 June 2017 06:55 AM
වෙනත් සම්භවයක් ඇති ශ්‍රී ලාංකිකයෙක් !! අහස් යානාවක යන්න නියම චාන්ස් එකක් ඇවිත් !!