IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගුවන් භාණ්ඩ බර කිලෝ විස්සකින් වැඩි කරයි

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකිකයනට ගුවන් මගින් ගෙන ආ හැකි උපරිම බර ප්‍රමාණය කිලෝ  40 සිට 60 දක්වා වැඩි කැර ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමඟ කළ සාකච්ඡාවකින් පසුව මෙම අවසරය හිමිව ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.

‍එම වාර්තා වලට අනූව ද්‍රවිඩ සරණාගතයින්ට යළි මව් රටට යාමේදී ගුවනින් ගෙන යා හැකිව තිබූ කිලෝ 40ක බර ප්‍රමාණයට අමතරව තවත් කිලෝ 20ක් ගෙන යාමට අවස්ථාව සැලසේ.

මීට පෙර සරණාගතයින්ගේ භාණ්ඩ මුහුදු මගින් ප්‍රවාහනය කරනු ලැබුවද එය නතර කිරීමෙන් පසු ඔවුන් සතුව ඇති යතුරු පැදි, ශීතකරණ ඇතුළු බරින් වැඩි ද්‍රව්‍ය ගෙනයාමට නොහැකි විය.

වත්මන් වාතාවරණය යටතේ ගුවනින් ගෙන යාමට හැකි බර ප්‍රමාණය තවත් කිලෝ 20කින් වැඩි කිරීම ගැන සරණාගතයින් ප්‍රසාදය පළ කර ඇත.

යුද සමයේ  ඉන්දියාවට  පළා ගිය අය අතරින් ලක්ෂයකට  අධික සරණාගතයෝ තමිල්නාඩුවේ  කඳවුරු වල ජිවත් වෙති.

 



අදහස් (0)

ගුවන් භාණ්ඩ බර කිලෝ විස්සකින් වැඩි කරයි

බෙනට් Wednesday, 16 December 2015 01:51 PM

එ්ක හොඳයි .. දැන් ඉතින් යතුරු පැදිය සහ ශීතකරණය ප්ලේන් එකේම දාගෙන ආවහැකිනේ ..දෙකේම බර කිලෝ 60 නේ ..(බ)

:       0       0

සුසන්ත Wednesday, 16 December 2015 02:39 PM

මුන් සේරම ලංකාවට ගෙනත් අායෙත් විනාශ කරගන්න තමයි හදන්නේ (බ)

:       0       0

හිරාන් Wednesday, 16 December 2015 11:03 AM

නියමයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site