IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගුවන් භටයා ගිනිඅවි-උණ්ඩ රැගෙන චීනවරායෙන් පනී

(අමදෝරු අමරජීව)

චීනවරාය ගුවන් හමුදා කදවුරේ ගුවන් භටයෙකු රාජකාරියේ යෙ දිසිටියදි අද  (28) අලුයම ටි.56 රාජකාරි ගිණි අවිය සමග උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් රැගෙන පලායෑමේ සිද්ධියක්  සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව චීනවරාය පොලිසිය කියයි.

මඩකලපුව, පෙරියමඩු, මුරුගන් කෝවිල්  පාරේ පදිංචි මෙම ගුවන් භටයා අලුයම 02.00 ත් 06.00ත් අතර රාජකාරි මුරයේදි නිල ඇදුමෙන්ම කඳවුරෙන් පලාගොස් ඇත්තේ එම ගුවන් භටයාට නිකුත් කර තිබු උණ්ඩ 60ක් සහිත මැගසින් දෙකක් හා ඔහු සමඟ රාජකාරියේ යෙදි සිට විවේක ගත් අනෙක් භටයාගේ උණ්ඩ 30ක් සහිත  මැගසිනයද රැගෙන බව ගුවන් හමුදාව චිනවරය පොලිසියට කල පැමිණිල්ලේ දැක්වේ.

පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වු මුතුර් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවිම යටතේ චිනවරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස පරික්ෂක ක්‍රිෂාන්ත ලොකුගේ මහතා විසින් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ගුවන් භටයා පැනගිය කැලෑ මාර්ගය සොදිසි කිරිම ආරම්භ කරනු ලැබිය.

මෙම සොදිසියේදි ගුවන් භටයාට නිකුත් කරන වතුර බෝතලය රදවනය කප්පල් තුරෙයි කැල ප්‍රදේශයේ තිබි සොයාගෙන තිබේ.පැන ගිය ගුවන් භටයා සොයා ගුවන් හමුදාව හා චිනවරය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.
 
 



අදහස් (11)

ගුවන් භටයා ගිනිඅවි-උණ්ඩ රැගෙන චීනවරායෙන් පනී

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 28 May 2018 07:22 AM

ගුවන් භටයා සොයන්න නාවික හමුදාව දාන්නා වෙයි වගේ................

:       3       11

සතයපාල Monday, 28 May 2018 07:26 AM

බටහිර අධිරාජ්‍යවාදී රටවල් හා දේශිය රාජය නොවන සංවිධාන යහපාලන ආණ්ඩුවේ නායකයන් සමඟ එක්වී ශ්‍රී ලාංකේය හමුදාවන්හී රණවිරුන් ජාතියන්තරව අපකීර්තියට ලක් කරන්න හා දේශිය අපහසූතාවයට ලක්කිරිමේ අරමුණින් කල මේ මහා කුමන්ත්‍රණය පරාජය කර ශ්‍රී ලාංකේය හමුදාවනගේ චිත්ත ධෛර්ය හා පෞඩත්වය ආරක්ෂා කිරිමේ වගකිම අද වෙනදටත් වැඩියෙන් මේ බිමේ සුජාත දූපුතුන් වෙත පැවරි ඇති බවට අපි අවධාරණය කරමු......

:       123       68

Samathasena A . Aluthgama Monday, 28 May 2018 07:58 AM

මොහු අනිවාර්යයෙන්ම අපරාධ කල්ලි හා සම්බන්ධ කෙනෙකු වගෙයි පේන්නේ. ප්‍රථමයෙන්ම අවශ්‍ය පුහුණුව ගත්තා. පසුව ආයුධයත්, උන්ඩත් අරන් පැන්නා.

:       224       377

KANDEPOLA Monday, 28 May 2018 09:45 AM

ආයුධය පන්නා ගැනීම සඳහා කල දීර්ඝ කාලීන සැලැස්මක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්.

:       12       77

sdad Monday, 28 May 2018 09:54 AM

මේක මාරු වැඩක්නේ. මේකේ ලියන දේවල් සිංහලෙන් ලියවෙනවා

:       116       25

chandana Monday, 28 May 2018 12:05 PM

මෙය ඉතාමත් බරපතල විනය පිරිහීමක්. මෙය අනෙක් නිලධාරීන්ට විනය පිළිබඳව සැලකීමක් දැක්වීමට අභියෝග කිරීමක් බව පෙනේ. රටේ අපරාද සහ මිනී මැරීම් වලට සම්බන්ද වීමට ඇති ඉඩකඩ වැඩි බව පෙනේ

:       6       11

R.රණසිංහ Friday, 01 June 2018 07:12 AM

ගිනි අවියක් ජිවිත අවධානමක් අරගෙන සොරකම් කරන්නේ පුද්ගලික වෛරයක් පිරිමැහිමට හෝ සංවිධානාත්මක අපරාධයක් වෙනුවෙන්. මානසික පිඩනයක් නිසා වන්නටත් පුළුවන්. සියදිවි හානිකරගන්නත් පුළුවන්. කොහොම උනත් සෙබලෙකුගෙ විනය රැකගැනිම මෙන්ම මානසිකව ශක්තිමත් කිරිමත් හමුදාව සතු වගකිමක්. ගිනි අවියකින් ජිවිත රකින්නත් නසන්නත් පුළුවන්. අවිය හා සෙබලා පිළිබදව ඉතාම බුද්ධිමත්ව ඉහළ නිලධාරින් කටයුතු කරන්න ඕන. විනාශයක් නවත්වා ගැනිමට මෙහෙයුම් කරන්න කළින් එය වළක්වා ගැනිම සාමුහඅකව සිදු කළ යුතු වගකිමක්. සේබළා සන්නද්ධ කිරිම මෙන්ම බුද්ධිමත් සෙබළෙකු කිරිම හමුදාව සතු වගකිමක්.

:       3       165

Balance commenter Tuesday, 12 June 2018 07:33 AM

මේ පිළිබඳව ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහයෝගය ලබාගෙන නැතිවූ ආයුධය සහ ගුවන් භටයා සොයා ගැනීම සිදු කළ යුතුය...

:       0       55

මහින්ද විරසිංහ Wednesday, 13 June 2018 09:27 PM

ඩලස් මහත්තයො මහින්දගෙ පාලනය කාලෙ පවුල්පිටින ඝාතනය වුණා මහින්දටත් බැරුව ගියා පාලනය කරන්න ඩලස් උන්නැහෙ බොරදියෙ බිලි බාන්න ඵපා

:       51       2

shalinda bandara Friday, 15 June 2018 06:12 AM

මානසික පීඩනය

:       0       8

buddika Friday, 22 June 2018 09:25 AM

මේක ඇත්තටම සිදු වූ දෙයක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site