IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට

(ටී.කේ.ජී.කපිල)

ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ  "අකුරට වැඩ කිරීමේ" වෘත්තීය ක්‍රියාමාර්ගක අද (15) නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය .

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින්  සිදු කරති .

එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා , හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා , වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද තිසර අමරනන්ද මහතා අවධාරණය කළේය .

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සෑම සතියකම බදාදා දින පස්වරු 02.30 සිට 04.30 දක්වා කාළය තුළ සිය ධාවන පථයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වසා තැබීම සිදු කරති .

අනෙකුත් වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අමතරව ගුවන් ගමන් පාළකවරුන් රට අතහැර යාම වැලැක්වීම සදහා යෝජනාවලිය වෙත රාජ්‍ය මට්ටමින් මෙතෙක් ප්‍රතිචාර නොමැති වීම , ශ්‍රී ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලින් අය කරන ගාස්තු වලින් 40% ක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවන ලෙස රජය ගැසට් මගින්  නියෝග කිරීම නිසා , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ලබා ගෙන ඇති ණය මුදල් ගෙවීමට අමතරව මෙම ගාස්තු ගෙවීමට ද සිදු වීම නිසා සමාගම මූල්‍ය වශයෙන් පාඩු ලබන තත්වයකට පත් වී , විදේශීය සමාගමකට මෙම සමාගම ද අඅලෙවි කිරීමේ අවදානමකට ලක් වෙමින් පැවතීම යන කරුණු මුල් කර ගනිමින් තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව තිසර අමරනන්ද මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

ගුවන් පාළකවරුනුත් වෘත්තීය අරගලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site