IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුවන්යානයේ සිටි අට දෙනෙක් බිමට

රුපියල් හතලිස් පන් ලක්ෂ විසිදහසක් වටිනා රත්තරන් කැබලි සහ රන් මාල  ශරීරයේ රහස් පෙදෙස් වල සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යන ගුවන් යානයකට නැග සිටි  ඉන්දියානු ජාතිකයෝ අට දෙනෙකු  අද  අළුයම   අත් අඩංගුවට ගත්  බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී පැවසුවේය.

සැකකරුවෝ  අද අළුයම දොලහයි කාලට චෙන්නායි බලා පිටත් වීමට  නිමිතව තිබු  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්  125 දරණ ගුවන් යානයට ගොඩවී සිටියදී ‍රේගුව මෙම වැටලිමට සිදු කර ඇත.

සැකකරුවෝ ඉන්දියාවේ චේන්නායි හි පදිංචි වයස අවරුදු 58, 20, 30, 32, 29, 40, 19 සහ 39 වියේ පසුවෙති.

අත් අඩංගුවට ගත් රන් භාන්ඩ අතර රන් මාල 6 ක් සහ රන් කැබලි 7 ක් තිබු බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත ද සිල්වා, ඩී.එම්.ජී නිමල්තිලක, සහකාර රේගු අධිකාරී අරුන හේවාවිතාරණ, ඉසෙඩ්. ඒ අතීෆ්,  එම්.ඒ.ඕ ප්‍රනාන්දු, අසංක ප්‍රියදර්ශණ සහ ආර්.වී.ටී ස්ලෙජස් යන නිලධාරීහු සිදු කරති.
 

3 4-1 5 7 9

 



අදහස් (0)

ගුවන්යානයේ සිටි අට දෙනෙක් බිමට

ආනන්ද දොඩන්ගොඩ Thursday, 25 June 2015 10:04 AM

ගුවන් යානයට නගින තුරු පරික්ෂා කරපු අයට ගෙව්වට , ගිනියන්න වාසනාවක් තිබිලා නෙහැ, සල්ලි ගත් කෙනෙක්ම ඔත්තුව දෙන්න ඇති. (ර)

:       0       0

සනත් ඉන්දික Thursday, 25 June 2015 10:43 AM

මාටින් ගේ කතාව මමත් අනුමත කරනවා. මොකද ඔය වගේ දේවල් සිද්ධ වෙන්න බැරිකමක් නැහැ. ඒ වගේම ආනන්ද දොඩන්ගොඩත් කියන දේ නොවෙන්නත් බැහැ. (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 June 2015 01:17 PM

තවත් ඉන්දියන් අයට වීසා නැතුව ලංකාවට එන්න දෙන්න (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 07:14 AM

කී තැනකින් පරික්ෂා කරලද අන්තිමේදී ගුවන් යානයට නග්ගවන්නේ? හිතාගන්න පුළුවන් අපේ උදයවියගේ පරික්ෂා කිරීමේ තරම. (නි)

:       0       0

මාටින් Thursday, 25 June 2015 09:08 AM

එහෙම කියන්ඩ එපා ඉසුරන්දි, කවුරු හරි ගුවන් යානෙට ගෙනල්ල දුන්නද කියල දන්නේ කොහොමද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site