සිිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුළදී මියගොස් ඇති බවට සැකකරන ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් අද මීගමුව රෝහලට බාර දෙනු ලැබීය.
මෙසේ මියගොස් ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි ලක්ෂමන් පෙරේරා නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් එම පුද්ගලයා සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටිි අතර වාරයේ උඩු ගුවනේදී මියගොස් ඇති බව වාර්තා වෙයි.
මිය ගිය පුද්ගලයා සිංගප්පුරුවේ නැවක සේවය කර මාස නමයකට පසු නිවස බලා එන අතරතුරදී මෙලෙස මියගොස් ඇති බව වාර්ථා වෙයි.
අදාල ගුවන් යානය අද අලූයම 1.51 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර පසුව මිය ගිය පුද්ගලයා මීගමුව රෝහලට බාර දී ඇත.
මීගමුව රෝහලේදී මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියිමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවනින් එළොව යයි
ලලිත් Wednesday, 22 October 2014 08:42 PM
වෙලාව ආවාම තැනක් නොතැනක් තරාතිරමක් නැහැ, යන්න වෙනවා. ඔය ලොකු වාහන වලින් ආරක්ෂකයින් පිරිවරාගෙන ඉගිලිලා යන උත්තමයින්ටත් ඔය ධර්මතාවය පොදුයි (නි)
කරුණාපාල Wednesday, 22 October 2014 09:40 PM
එතුමා උඩුගුවනේදී අපේ දේශපාලකතුමෙකුගේ කතාවක් එහෙම ඇහුවද දන්නේ නැහැ. එතුමාට නිවන් සුව!! (නි)
සෙනරත් Wednesday, 22 October 2014 11:17 AM
අනේ පව් ඒ අහිංසකයට ගෙදරට එන්න ලැබුනේ නැහැනේ. දෛවය තමයි. නිවන් සුව පතනවා. (නදී)
චමි Wednesday, 22 October 2014 12:32 PM
එක අතකට වාසනාවන්ත මරණයක්. එක අතකට අවාසනාවන්ත මරණයක් . නිවන් සුව ඔබට. (නදී)
විජේදාස Wednesday, 22 October 2014 04:13 PM
ඔහුට නිවන් සුව! (නි)
රූපවතී Wednesday, 22 October 2014 04:49 PM
පව්! දුක්මුසු පුවතක්. දරුවොයි බිරිඳයි ඇස්දෙකට දැකලා මරුනා නම්... ඔබට මෙවන් අකල් මරණක් මතු භවයකදී නොමවේවා! ඔබේ ආත්මයට සැනසීම ලැබේවා ..!!! (නි)
බොතේජු Wednesday, 22 October 2014 06:24 PM
පින්වන්ත මිනිසෙක්! (නි)