IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුවනින් එන මගීන් දුම්රිය යවන්න සාකච්ඡා

(යොහාන් භාසුර)

කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා පැමිණෙන ගුවන් මගීන්ට දුම්රිය මගින් ප්‍රවාහන පහසුකම් සපයා දීම පිළිබඳව ප්‍රවාහන සහ ගුවන් සේවා අමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වාරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ පවතින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා වරාය ආශ්‍රිතව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ඉදිරි කටයුතු පිළිබඳ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.

වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අමාත්‍යවරු සාකච්ඡා කළහ.

 



අදහස් (12)

ගුවනින් එන මගීන් දුම්රිය යවන්න සාකච්ඡා

Kumara Monday, 12 December 2022 03:08 AM

මීට කලිනුත් ඔය දේම අඬබෙර ගහලා කීප සැරයක් පටන් ගත්තා. ආයි උත්සවයක් තියල ඔන්න අපි පටන් ගත්තා කියන්න කලින් මීට කලින් ආරම්භ කල ඒවට මොකද වුණේ කියලා හොයලා බලන්න ඔය ඇමති කුටියකට මොළයක් නැද්ද?

:       1       22

කෝරළගේMonday, 12 December 2022 10:07 AM

මේ ඔක්කොම බොරු කයිවාරු...මේ නාකි සෙට් එක එලවල දාල තරුණ උගත් දරුවෝ ටිකක් බලයට ආවා නම් මුලු රටම ගොඩ... මේ හැත්ත හොරාකාලා රට ඉවරටම ඉවරයි. නොදකින් විතරක්...

:       1       17

Perera Monday, 12 December 2022 07:28 AM

අදහස හොඳයි හැබැයි වායුසමනය කල යම් ප්‍රමිතියකට දුම්රිය යොදන්න.

:       0       15

de silva Monday, 12 December 2022 08:05 AM

ඉතා කාලෝචිත දෙයක්, රේල් පාර ගුවන්තුටුපොලටම හදලා තිබෙන නිසා පැය බාගෙන් බාගෙට රේල් බස් එකක කොටුවට යැව්වත් ඇති.

:       1       16

සමන්ත Monday, 12 December 2022 08:58 AM

තිබ්බ දුම්රිය සේවය ඒ විදිහටම තිබ්බා නම් ආයෙ අලුතින් පටන් ගන්න දෙයක් තියෙනවාද? බොරු සෝබන වැඩ විතරයි.

:       4       16

de silva Monday, 12 December 2022 09:00 AM

මුලින්ම අඩු වියදමකින් පොඩියට රේල් බස් එකකින් වැඩේ පටන්ගමු පස්සේ පුළුවන් වැඩි දියුණු කරගන්න.

:       0       16

janabala asamagi Monday, 12 December 2022 09:48 AM

තිබුණේ යකඩ හුචක්කු... ඒවායේ විදේශිකයෝ යන්න බිය වෙනවා.

:       0       9

jaya Monday, 12 December 2022 09:17 AM

ලෝක හොරු දෙන්නෙක් තවත් කුට්ටියක් ගසාකන්න ගහන ගේම් එකක්.

:       2       14

Sunil Monday, 12 December 2022 10:15 AM

බූරුවන් දෙන්නෙක්ගෙ විකාර කතා. සිටි බස් සේවයවත් හරියට කරාද? ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට ක්වාලාලම්පූර් නගරයට තිබෙන දුම්‍රිය සේවාව ආදර්ශයට ගන්න. අපේ රට ඒ කිට්ටුවටවත් එන්න හැකිවෙයිද?

:       1       14

Prasad Lakmal Monday, 12 December 2022 10:19 AM

ඕවා කරන්න කලින් දැනට තියෙන කොච්චි ටික හරියට ධාවනය කරලා හිටියනම්. පිස්සෝ

:       1       13

amila Monday, 12 December 2022 11:36 AM

මළකඩකාපු අටමගල් එහෙම දානවා නෙවෙයි... එන සුද්දෝ ආපහු හැරිලා යයි... රටට අඩියවත් නොතියා.

:       0       4

Kumara Monday, 12 December 2022 11:51 AM

මාර බඩු තමයි... සුපිරි ගේමක් තමයි දෙන්න යන්නේ... පල් හොරු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site