IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන්තොටේ පරිගණක පද්ධතිය අක්‍රීය වෙයි

( ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අද (26 )  දහවල් 11.30 පමණ සිට අක්‍රීය වීමත් සමග විදෙස් ගත වීමට පැමිණි  දහස් සංඛාත ගුවන් මගීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ තුළ කුපිත වී සිටින බවට තොරතුරු වාර්තා වේ .

ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යනු ලබන අතර , නිසි නඩත්තු කිරීමක් නොමැති නිසා මාසයකට කීප වරක් මේ ආකාරයට අක්‍රීය වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

එසේම ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය සමග මෙම පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර පවතින අතර එහි මන්දගාමී වීමක් ද කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය අඩපණ වීමට හේතු වන බව ද එම ප්‍රකාශකවරයා පැවසීය .

අද (26 ) දහවල් 12.20 පමණ   වනවිට ක්‍රමයෙන් මෙම පරිගණක පද්ධතිය යළිත් සක්‍රීය වෙමින් පවතින අතර , ගුවන් තොටුපොළ තුළ පවතින අධික මගී තදබදය මදක් ලිහිල් වෙමින් පවතින බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .



අදහස් (9)

ගුවන්තොටේ පරිගණක පද්ධතිය අක්‍රීය වෙයි

Bamunuarachchi Sunday, 26 November 2023 01:55 PM

පාතාලයෙක් කුඩු කාරයෙක් රටින් පනින්න ප්ලෑන් කරලා ඇති. ඒකට සපෝට් එකට‍ වෙන්න ඇති

:       0       6

රංබොඩ Sunday, 26 November 2023 01:56 PM

පරිඝණක පද්ධති වල නම් ඕනෑම මොහොතක බිඳ වැටීම් සිදු විය හැකියි. එය සාමාන්‍ය දෙයක්. ප්‍රශ්න තියෙන්නෙ අපේ ගුවන් තොටුපළේ කිසිම පිළිවෙලක් නැති.කම. ඒකට හිත යොදවන පාටක් නෑ කවුරුවත්.

:       1       3

විජේසිංහ Sunday, 26 November 2023 02:49 PM

ලංකාවෙ ඉතින් පැලැස්තර මිසක් කවද්ද හරියට කල්පවතින වැඩක් කෙරුනෙ. ආගමන විගමනේම උදාහරනෙකට ගන්නකො. පාස්පෝට් පෝලිම ඉවරයි කියනවා, ඊ-පාස්පෝට් දෙනවා කියනවා. ආයෙත් සිස්ටම් එක කැඩුණා කියනවා, පෝලිමේ හිටපල්ලා කියනවා, ජාතික හැඳුනුම්පතටත් කීයක් නං විකාර කරනවද? කෝ නිශ්චිත විසඳුමක්? කෝටි ප්‍රකෝටි ගනන් එක එකා සාක්කුවෙ දාගෙන මාරු වෙනවා. මතකනෙ ඖෂධ ගෙන්වන සිස්ටම් එක කැඩිලා කියලා වෙච්ච මගඩිය. පුලුවන් තරම් ඉක්මනින් මේ පජාත ක්‍රමේ වෙනස් කරන්න එකතු වෙයල්ලා.

:       0       5

de silva berlin Sunday, 26 November 2023 02:58 PM

වෙන රටවල මෙවැනි හදිසි අවස්ථාවල ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න බැක් අප් පද්දති තිබෙනවා ලංකාවේ එහෙම නැද්ද ?

:       0       1

nimal Sunday, 26 November 2023 08:53 PM

ආගමන විගමන දෙපාර්තමේන්තු මෙම පරිගණක පද්ධතිය පෞද්ගලික අංශයේ සමාගම් කීපයක් විසින් සකස් කර පවත්වා ගෙන යාම වෙනස් විය යුතුවේ

:       0       3

Mo77 Sunday, 26 November 2023 09:10 PM

මේවා කෝටි ගානක් වියදම් කරලා හදපු පද්ධති. දෙවියන්ගෙන් පිහිටයි . අර මහජන බැංකුවේ තියෙන පරිගණක පද්ධතියත් ඔය වගේ ගනුදෙනුකරුවන්ට ඔන්ලයින් කිව්වට කිසිම ඇප්ලිකේෂන් එකක් පුරවන්න බෑ ළුම පද්ධතියේන්යෙන්

:       0       3

Vis Eight Sunday, 26 November 2023 10:40 PM

මෙය නිතරම සිදුවේ.. මුළු රටටම ලැජ්ජාවක්. ඇමතිතුමා ගේ අවදානයට....

:       0       5

abaran Monday, 27 November 2023 01:21 AM

ගුවන්තොටේ පරිගණක පද්ධතිය යනු කෙතරම් සුපරිෂකරිව නඩත්තු කලයුතු පද්ධතියක්ද? එයට සිල්ලර කඩයක ඇති ඉලෙක්ට්‍රොනික තරාදියක් නඩත්තු කිරීම තරම්වත් වැදගත්කමක් දී නැතිබව පෙනේ . ඉතියෝපියාවෙත් මේවා වෙන්නේ නැතිව ඇති .

:       0       5

Perera Monday, 27 November 2023 06:47 PM

බංකොලොත් රටක ඔහොම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site