IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගුවන්තොටේ කලබල කළ තරුණයා පොලීසියට කැඳවලා

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම සහ ඒ සදහා මුදල් අය කර ගැනීම ඉන්දීය ග්ලෝබල් වී.එෆ්.එස්.සමාගමට පැවරීමට එරෙහිව අදහස් ප්‍රකාශ කළ නීතීඥ සදරු කුමාරසිංහ මහතා අද(06)  ගුවන් තොටුපොළ පොලිසිය වෙත කැදවා තිබුණි .

ඔහු නීතීඥවරුන් පිරිසක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ තිබු අතර   ප්‍රකාශ ලබා දීමෙන් පැයයි  විනාඩි 40 කට පසු  ඔහු එම ස්ථානයෙන් එළියට පැමිණ තිබිණි. 

එම අවස්ථාවේදී  නීතීඥ සදරු කුමාරසිංහ මහතා මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් ප්‍රකාශ කරමින්  පැවසූයේ තමන් එදා තම රුසියානු ජාතික පෙම්වතිය සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවත් , තමන් සහ ඇය එහි තිබූ දිගු පෝලිම් වල රැදී සිටීමට සිදු වීම නිසා , තමන් එසේ අදහස් ප්‍රකාශ කළ බවත්ය .

තමන්ගෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සුහදශීලී ලෙස ප්‍රශ්න කිරීම සිදු කර ප්‍රකාශය සටහන් කර ගත් යළි පැමිණීම පිළිබඳ අවශ්‍ය නොවන බව  පැවසූ බවද ඔහු සඳහන් කළේය.



අදහස් (33)

ගුවන්තොටේ කලබල කළ තරුණයා පොලීසියට කැඳවලා

ගෝමස් Monday, 06 May 2024 03:32 PM

මෙයා රුසියන් කෙල්ලක් පන්නාගෙන ලංකාවට ගේනවා කියලා පුටින් දන්නවාද දන්නේ නෑ.

:       126       15

සුරංග Monday, 06 May 2024 04:44 PM

එතකොට අතීතයේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඇස් ඒ වික්‍රමසිංහ මැතිතුමා රුසියන් කෙල්ලෙක් එක්ක ආවා කියලා අහලා නැද්ද?

:       4       68

ධනාTuesday, 07 May 2024 02:30 AM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන මිනිස්සු නිසා තමයි රටට මෙහෙම වුනේ...!

:       0       0

දමිත් Monday, 06 May 2024 03:47 PM

ඔබ වැනි දහසක් මෙරටට අවශ්‍යයි. ආචාරය.

:       24       171

මහසෙන් Monday, 06 May 2024 03:48 PM

ඉවසන් හිටපන් මල්ලී ඡන්දේ තියනකන්....

:       29       141

NissankaMonday, 06 May 2024 04:16 PM

රටේ මිනිස්සු අවුස්සලා අපේ ජනාධිපතිතුමා ගොඩගත්තු රට ආපහු අවුල් කරන්න තමා මේ ලෑස්ති.

:       188       45

sandaruwan fernando Monday, 06 May 2024 03:53 PM

අපේ රට ඇතුලෙම සිදු වෙන වැරැද්දකට එරහෙිව පුරවැසියෙක් විදිහට කථා කරන්න බැරිද..?එම පුද්ගලයට හොඳ කොන්දක් තිබුණා බය නැතුව වරදට එරෙහිව තනියම නැගී සිටින්න..ඒකට හිස නමා ආචාර කරන්න ඕන නැද්ද? ඔහුගේ ප්‍රශ්න කිරීමෙන් පසු ඒ් කියන විදේශිය ආයතනයේ සහ එම ආයතනයේ සේවාව ලබාගත් ආකාරය පිළිබඳ ගොඩක් තොරතුරු එළියට ආවේ නැද්ද?නිව්ස් එක තියෙන්නෙ කලබල කරා කියලා මොකක්ද ඔහු කරපු කලබලේ ? ඇත්ත කියපු ඒකද?

:       18       213

ගජමිතුරු Tuesday, 07 May 2024 03:39 AM

කොහොමින් කොහොම හරි ඩොලර් සීයක ගාස්තුව පනහ වුනේ මෙයාගෙ කෑගිහිල්ල නිසා නේද

:       0       0

pradeep Monday, 06 May 2024 03:53 PM

ඇමැතිට පිස්සු හැදිලා තියෙන්නේ මේ නිර්භීත මිනිසා නිසා දූෂිත ගනුදෙනුව හෙළිදරව් වෙලා

:       22       181

රටවැසියා Monday, 06 May 2024 04:04 PM

රට වැසියාගේ වගකීම ඔබ ඉතාම නිර්භිතව ඉටු කලා, ඔබ වැනි පතුන් රටට ආශිර්වාදයක්!

:       19       164

Deepal Nirosh Monday, 06 May 2024 04:06 PM

රටේ තොටේ සිදුවන අකටයුතුකම් ගැන මේ තරමින්වත් නිර්භීතව අදහස් ප්‍රකාශ කරන්න ඉදිරිපත්වන්නන් සිටීම ලොකු භාග්‍යයක්. කැබිනට් තීන්දුවක් ගත්ත කියමු. ඒත් මොන රටේ ද තම රටට ඇතුළුවන හා පිටවන අයට වීසා නිකුත් කරන්න පිට රටක සමාගම්වලට බාර දෙන්නෙ.

:       16       136

Kumara Monday, 06 May 2024 04:14 PM

88 - 89 කාලෙත් ඉන්දියානු මැදිහත් වීම හෙළා දකිමු කියලා අරගල කරේ මේ වගේ ත්‍රස්තවාදීන් තමා.

:       156       32

Chandana Monday, 06 May 2024 04:18 PM

ඉන්දියාව තරහ කරගෙන කොහොමද මේ රට ගොඩගන්නේ...? මතකනේ එක සැරයක් උඩින් ඇවිත් පරිප්පු දාලා ගියා...

:       90       12

saman Monday, 06 May 2024 04:19 PM

අදහස් දැක්වීමට ඇති අයිතියට ගරු කිරීමට සැවොම නිහතමානී විය යුතුයි. ඔහු ශ්‍රී ලංකාවෙන් පිට හැදුණු කෙනෙක් විය යුතුයි. මොකද ලංකාවේ ඉන්න අය සාමාන්‍යෙයන් කටයි පස්සයි වහන් ඉන්නවා මිසක් කතා කරන්නේ නැහැ. කොදු ලේෆ්ට්. අපි ආශා නැහැ කතාකරන අයට. ඔය ගොල්ලෝ ඉන්නේ අපි කියන දේ අහන් ඉන්න. කතා බැහැ හරියැ.

:       6       83

Almeda Monday, 06 May 2024 04:22 PM

වීසා කේස් එකක් ඇති...!

:       68       10

චතුර Monday, 06 May 2024 04:22 PM

මේක ටෙන්ඩර් පටිපාටියකින් තොරව තමයි මේ සඳහා මේ සමාගම තෝරාගෙන ‌තියෙන්නේ. මේ තරුණයාගේ එඩිතර කතාව නිසා මේ සියල්ල රටට එලිවුණා.

:       9       95

විජිත් Monday, 06 May 2024 04:35 PM

හිතට ලොකු සතුටක් ආවා ඒ වීඩියෝ එක දැක්කාම... අපේ රටට මේ මොහොතේ අවශ්‍යයම තරුණ ජවය, තරුණ හඬ !!! බොහෝමත්ම ස්තුතියි තරුණයා, ඔබ වැනි නිර්භීත, එඩිතර, ඇත්ත කතාකරන තරුණයින් ලක්ෂ ගණනින් බිහිවේවා...!!!

:       10       101

අබිලින් Monday, 06 May 2024 04:54 PM

පුද්ගලික වාසි තකා තමන්ගේ ජාතිය කිසිවක් නොතේරෙන මෝඩයෝ හැටියට හැඟවෙන ආකාරයට වීසා නිකුත්කිරීමට පැවරීම හෙලාදකිමු. ඊළඟට මෙතෙක් කිසිම ගැටලුවක් නැතුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු නොසලකා කටයුතු කරනවාට අමතරව විදේශීය සමාගම ලංකාවට ලැබෙන ඩොලර් සූරාකෑමට ඉඩදීම විවේචනය කරමින් අදහස් පලකළ වීරයාට අපේ උපහාරය පිරිනමමු සතෙන් සතේ රුපියල් වෙනවා වගේ තමයි ඩොලරය දෙක හෝ අනිසි ආකාරයට අපතේ යාමට සැලැස්වීම නාස්තියක් කියන්න පුළුවන්...

:       5       97

charith Monday, 06 May 2024 04:54 PM

ඇත්ත කතාව ඕක තමයි, ඉන්දියාව අපේ රට එක එක විදියට අල්ලාගෙන යනවා. අපේ ගොන් හරකුනුත් ලස්සනට ඒකට කඩේ යනවා...

:       7       87

Shashika519 Monday, 06 May 2024 05:01 PM

ටිරාන් අලස්ගෙන් සුනාමි කාලේ ගෙවල් හදන්න ආපු ආධාර ගිණුමට ගිහින් හොරාකාපු හැටි අහලා නැද්ද?

:       5       77

Akila Monday, 06 May 2024 05:09 PM

ඉන්දියාව කියන්නේ වටේට තියන කුඩා රටවල්වල සාරය උරාගන්නා රටක්, ඒකයි වටේට තියන කිසිම රටක් හරිහමන් මිතුරු රටවල් විදිහට නැත්තේ..., දැන් ඉන්දියාව කරන්නේ ලංකාවේ ඇතිවී තිබෙන තත්වෙන් ප්‍රයෝජන අරන් රනිල්ලාට ආණ්ඩුව කරන්න අවශ්‍ය සපෝර්ට් එක දෙන ගමන්... ඒකට හිලව් විදිහට ඒ ගොල්ලන්ගේ බිස්නස් ටික ගොඩ දාලා දෙන්න බලපෑම් කරන එක...

:       3       68

PATTA hora Monday, 06 May 2024 06:03 PM

මේකෙ රට විතරක් නෙවෙයි අම්මා, අප්පා , ගෑනි, ළමයි විකුණාගෙන කන්න සූදානම් ටිකක් මේ තරුණයාට එරෙහිව කමෙන්ට් දාල තියනවා. ඒ අය මුදලට වහල් වෙලා ආත- බූත නැතිව පාදඩ දේශපාලුවන්ට කඩේ යන අය. ඒත් ඒ බෙලහීනයින් දන්නේ නෑ මේ තරුණයෝ සටන් කරන්නේ ඒ පාහරයෝ සහ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතයත් වෙනුවෙන් කියලා.

:       5       63

සමන්තා පෙරමුණ Monday, 06 May 2024 07:05 PM

එහෙම අවශ්‍ය තැනදී කතා කිරීම අගයමි.. ඔහු කතා කලේ සමස්ත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙනුයි.

:       4       66

Lasitha Monday, 06 May 2024 07:34 PM

ලංකාව මේ තත්ත්වෙට ආවේ ඇයි කියලා මේ කමෙන්ට් ටික කියෙව්වාම තේරෙනවා. නිකන් නිව්ස් එක විතරක් බැලුවා... වලං කඩේට ගොනා පැන්නා වගේ ඔහේ ඇනගෙන ඇනගෙන යනවා. ප්‍රවෘත්තියක් කියෙව්වාම ඒකට සම්බන්ධ ඇත්ත මොකක්ද? කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා හොයන්නත් පුරුදු වෙන්න. මේක ඉන්දියන් කොම්පැනියක් නෙමේ කියලා කී තැනක නම් කියලා තියෙනවාද? අනිත් එක මේකෙන් ලංකාවේ අය සත පහක් ගෙවන්න ඕන නෑ.. මේ සිස්ටම් එක නිසා. ටුවරිස්ට්ගෙන් ගන්නේත් ඩොලර් 18.5ක්. ඒක මේ සමාගම වැඩ කරන රටවල් 61න් අඩුම 5ට අයත්. මේ ගැසට් එක ගහලා තියෙන්නේ කැබිනට් අනුමැතියෙන් පස්සේ පාර්ලිමේන්තුවෙත් ඒකමතික තීරණයෙන්. ඒ කියන්නේ කඩේ යන හැම ගොනාම ඔය ගැසට් එකට කැමැත්ත දීලා තියෙන්නේ...!

:       48       17

ගමේ එකාලා Monday, 06 May 2024 08:38 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් තිබුණා නම් සුදුවෑන්, ගාතන, අතුරුදහන් කරවලා...

:       6       27

aruna Monday, 06 May 2024 09:46 PM

ඒ වගේම හරක් ටිකක් තමයි මේකේ ප්‍රතිචාර දාලා තියෙන්නේ...

:       0       0

kotiya Tuesday, 07 May 2024 03:18 AM

ටිරාන් අලස් ඇමැටි තුමාට අනුව කලින් සිංගල් එන්ට්‍රී සහා දින 30ට වලංගු විසා එක තමා ඩොලර් 50. දැන් ඩබල් එන්ට්‍රි සහ දින 60ක් වලංගු වීසා එක තමා ඩොලර් 100. මට ප්‍රශ්ණ දෙකක් තියෙනවා. 1. සිංගල් එන්ට්‍රි දින, 30විසා එක ඩොලර් 50ට විකුණපු ආගමන විගමන නිළධාරීන්ට ඩබල් එන්ට්‍රි,දින 60 ක වීසා එක ඩොලර් 100ට විකුණන්න බැරි වෙන්න හේතුව මොකද්ද? 2. ඩබල් එන්ට්‍රි,දින 60 ක වීසා එක ඩොලර් 100ට විකුණුවාට ඒ ඩොලර් 100ම ආණ්ඩුවට එන්නේ නෑ. ඩොලර් 20ක් විතර ඔය කියන වී.එෆ්.එස්. කියන ආයතනයට යනවා. මේක ආණ්ඩුවට ආදායම් අහිමි කිරීමක් නේද? හරියට සීනි බදු වංචාව සහා සුඳු ළුණු වංචාව වගේම.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 03:46 AM

ලලිත, එතකොට සංචාරකයන්ගෙන් ඩොලර් සියයක් ගන්නවා කියල සංචාර සභාපති කෙනෙක් කියන කතාව බොරුද? කම්පැනිය මොක වුණත් වල්බූරු කැබිනට් එක අනුමත කළත් රටට පාඩුවක් නම් ඒකට එරෙහි වන එක වැරදිද? අනෙක මේ තරුණයා එහෙම කලේ කෑම දිරවන්නද?

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 05:44 AM

මෙච්චර වැදගත් සංවාදයකදි අර ගෝමස් කියන කෙනා මේ තරුණයගේ පැටිකිරිය හොයනවා, සමහරු කුණු හොයෙන්න හරිම කැමති බවට ඔන්න ආදර්ශ, මේ සටන්කාමි තරුණයට ඉන් අපහාසයක් උනා නම් අපිි සියල්ල ලැජ්ජා විය යුතුයි.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 05:46 AM

ලසිත, කරුණු දැනගෙන කතා කරන්න මේ නිවුස් ලයින් එකේ වෙනත් තැනක තියෙනව සංචාරකයන්ගෙන් ඩොලර් 18.5 ක අමතර ගාස්තුවක් සමග ඩොලර්100.77 ක් අයකර ආසියාවේ වැඩිම ගාස්තුව ගන්න රට බවට.ඒක බොරුද? ටිරාන්ට කඩේ ගියාට වාසියක් තියෙනවද රටට එරෙහිව?

:       0       0

Anura Tuesday, 07 May 2024 07:46 AM

අනේ ඉතින් ලසිත කොල්ලෝ , ඉන්දියානු සමාගමක් නෙමෙයි ද ? මේ සමාගමේ පැටිකිරිය පොඩ්ඩක් හොයල බලන්න සමාජ මාධ්‍ය වල තිබෙනවා

:       0       0

Jude Tuesday, 07 May 2024 08:49 AM

බලපන් මේ මිනිහගේ මූණෙ තියෙන කට්ට කපටි මජර පෙනුම. මොකක් හරි අවුලක් තියෙනව මෙයා රඟපාන නාට්ටියේ.

:       0       0

නන්දන Tuesday, 07 May 2024 09:15 AM

උතුරු මැද පළාතේ උපාධිධාරීන් රැකියා නැතිව පිකටින් කරන අතර අපේ රටේ තියෙන අවස්ථාවන් ටිකත් පිට රට්ටුන්ට දීලා . ඔය ඇමති කියන බැක් එන්ඩ් ෆරන්ට් එන්ඩ් ඔයගොල්ලන්ට මැජික් උනාට ඕවා ඉගෙන ගන්තු කෙල්ලෝ කොල්ලො ඕනතරම් ලංකාවේ ඉන්නවා. ඩේටාබේස් මැනේජ්මන්ට් නොවෙයි ඔපරේටින් සිස්ටම් එකක් උනත් ලියන්න පුළුවන් දක්ෂ අය රටේ ඉන්නවා. ඔය ඇමති වරුන් ගේ චන්ඩ් වැඩ නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියන්නේ. දැන් පෙනෙනවා නේද ජපානයේන් අපට ලැබෙන්න තිබූ සැහැල්ලු දුම්රිය අපිට ආයි කවදාවත් ලැබෙන්නෙ නෑ..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 186 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2069 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site