IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන්තොටුපොළ භූමියේ වෙනසක්

(සුජිත් හේවාජුලිගේ )

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්වල විශාල ප්‍රමාදයක් පවතින බව ගුවන් සේවා සමාගම වල නියෝජිතයෝ අමාත්‍යවරයාට පසුගියදා පෙන්වා දුන්හ.

මේ හේතුවෙන් ගුවන් තොටුපොළේ විශාල ප්‍රමාදයක් ඇති වන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාල ආයතන බලධාරීන් සමඟ පසුගියදා දීර්ඝව සාකච්ඡා කළේය.

අමාත්‍යවරයා ඉහත තීරණය ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.

 



අදහස් (4)

ගුවන්තොටුපොළ භූමියේ වෙනසක්

jaya Sunday, 19 March 2023 05:50 PM

රස්සා රස්සා....

:       0       1

Nidhi Kumbhayaa Sunday, 19 March 2023 06:42 PM

එතන පගා ගහගහ මිනිසුන් සහ ශිෂ්‍යයන් අසරණ කරන නිලධාරීන්ව ගෙදර යවන්න...!

:       0       0

janahitha Monday, 20 March 2023 12:37 PM

ඉතාම අක්‍රමවත් ස්තානයක් දූශනත් වැඩි කාර්යක්ශම අය අද එතන නැත තමන්ගෙ නඩත්තු ගොඩ නැගිලි පලනය කල නොහැකිව එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං කරන්නෙ කොහොමද ???

:       0       2

ඇලෙක්ස් සිල්වා Monday, 20 March 2023 06:08 PM

මෙය කිසිසේත්ම හරියන්නේ නැහැ. AASL එකට දුන්නයි කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. පලපුරුද්දක් ඇති silankan එකට වඩා AASL කොහොමද ඕක කරන්නේ...? ඇමැතිතුමා පුළුවන්නම් ground handing operation වලට තවත් සේවකයින් ගන්න අනුමැතිය දෙන්න. ස්තුතියි...!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site