(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය කිලවන්එළිය කුඹුරු යායට කඩා වැදුන වල් අලි රංචුවක් අස්වනු නෙළිමට ආසන්නව තිබු අක්කර 20 කට ගොයම වනසා ඇති බව ගොවිහු හඩා වැලපෙති.
ඉඟිනිමිටිය හා ඌරියාව ප්‍රදේශයෙ වෙල් පහු ජලයෙන් වගා කරනු ලබන කිලවන්එළිය කුඹුරු යාය අක්කර අක්කර 200 කට වඩා විශාලත්වයකින් යුත් කුඹුරු යායක් බව ගොවිහු පවසති.
මේ දිනවල 50කට ආසන්න වල් අලි රංචුවක් මෙම ප්‍රදේශවල සැරිසරන බවත් ගොවීහු පවසති.
රාත්‍රි කාලයෙ නිදිවරමින් ගොවින් කිලවන්එළිය කුඹුරු යාය වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනිමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදි අලුයම් කාලයෙ පැල් වල රැදි සිටි ගොවින්ට නින්ද යාමත් සමග මෙම අලි රංචුව කඩා වැදි මෙම විනාශය සිදුකර ඇති බව ගොවින් පවසයි.
අධික මුදලක් වැය කරමින් වගා කල කුඹුරුවල අස්වැන්න තවත් සුළු කාලයක් පමනක් තිබියදී මෙසේ වල් අලි රංචුව වනසා ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට විකිණිම කෙසේ වෙතත් තම ආහාරයට අවශ්‍ය වී සුළු ප්‍රමානයක් පවා ලබා ගැනිමට නොහැකි ලෙස වල් අලි රංචුව වනසා ඇති බව පවසති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගොවීන්ට නින්ද ගිය අතරේ අලි වගාව වනසති