IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගංවතුර පාලන වැඩවලට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන

 

(අංජුල මහික වීරරත්න)

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන ලබාදීමට තීරණය කර තිබෙි.

කැලණි ගඟේ ගංවතුර තත්ත්වය පාලනය කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙම එකඟතාවය පළ කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ජලය බැස යා හැකි පරිදි කඩිනමින් ඇළවේලි ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ගොවිජන සේවා දොපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධවී කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

නැවත ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර මෙම කාර්ය අවසන් කළ යුතු බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ඒ සඳහා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් සමඟ සාකච්ඡා කරන ලෙසද අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (0)

ගංවතුර පාලන වැඩවලට QR ක්‍රමවේදයෙන් පිට ඉන්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site