(අංජුල මහික වීරරත්න)
තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක් නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විශාල මුදලක් වැය කර ලබා දී ඇති එම ප්‍රතිලාභ නිසි ලෙස වගාව සඳහා යොදා නොගන්නා පවුල් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය .
ඇතැම් ගම්මානවලට දුන් පැළ හා බීජ නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙන්නට ඉඩ හැර ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.
හම්බන්තොට, වව්නියාව, මොනරාගල, ගාල්ල හා කුරුණෑගල මෙන්ම අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ගම්මාන 11ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.
සෑම කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයකම පිහිටි වැව් ප්‍රතිසංස්කරණය කරන අතර ගොවිපළ වලට ජලය ගැනීම සඳහා වාරි පහසුකම් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.
මීට අමතරව ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, විසිරි ජල තාක්ෂණික උපකරණ, බින්දු ජල තාක්ෂණික උපකරණ මෙන්ම දුරස්ථ පාලනය මගින් ක්‍රියාත්මක කළ හැකි ආරක්ෂිත ගෘහ හඳුන්වා දීම ද මෙම වැඩ පිළිවෙළ යටතේ මෙම ගම්මාන වල තරුණ ප්‍රජාවට ලබා දී ඇත.
මෙම ගම්මාන වල කාෂි පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5000 ක් වැය කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.
රජයේ ප්‍රතිලාභ සාර්ථක ලෙස ව්‍යාපෘතිවල යොදවා ආදායම් උපයන පවුල් විශාල ප්‍රමාණයක් ද වාර්තා වන නිසා ඔවුන්ට දෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහල නැංවීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා