IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාලු පුරපති ඉවතට

ගාලු පුරපති මෙත්සිරි ද සිල්වා මහතා සභික ධූරයෙන් සහ පුරපති පදවියෙන් ඉවත් කළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. ඔහුට එරෙහිව පැවති පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා දාසයකින් දෙකකට ඔහු වරදකරු වී ඇතැයි ප්‍රධාන අමාත්‍යවරයා කියයි. චෝදනා විභාග කැරුණේ විශ්‍රාමලත් විනිසුරු එම්.ඒ.සිල්වා මහතා විසිනි. නියෝජ්‍ය නගරාධිපති කැළුම් සෙනෙවිරත්න මහතාගේ නම පුරපති ධූරය සඳහා ඉදිරියෙන්ම ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නගරාධිපතිවරයා ඉවත් කිරීම සඳහා වන ගැසට් නිවේදනය මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කළේය.



අදහස් (0)

ගාලු පුරපති ඉවතට

පාලිත Wednesday, 23 January 2013 10:30 PM

අනෙක් අයටත් ඉදිරියේදි මොනවා වෙයිද? අනේ අපොයි! (නි)

:       0       0

කුෂාන් Wednesday, 23 January 2013 10:44 PM

ආදර්ශවත් ගුරුවරයෙක්. (නි)

:       0       0

ගාල්‍ලගේ Thursday, 24 January 2013 01:24 PM

මෙය දේශපාලනික පළිගැනීමක්ද? (නි)

:       0       0

දම්මි Wednesday, 23 January 2013 11:08 PM

මේ අපේ සර් නේද? අයියෝ! (නි)

:       0       0

ජනිත Wednesday, 23 January 2013 11:40 PM

ඔහු ගාල්ලට වැඩක් කරපු කෙනෙක්. (නි)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 11:45 PM

දකුණු පළාත් ඇමතිතුමා රටටම ආඩම්බරයක්. ජය වේවා! (නි)

:       0       0

කපිල Wednesday, 23 January 2013 11:46 PM

මම දකින ලෙසට මෙය හොද තීරණයක් නොවේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 05:23 PM

හරි හරි ඔහොම යමුකෝ. (නි)

:       0       0

ඉෂාර රාජකරුණා Wednesday, 23 January 2013 06:05 PM

දෙයියෝ සාක්කි! මේ ගාලු පුරේ විනාශයද? (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 24 January 2013 05:48 AM

නයනා හොද තීරණයක් කියන්නේ එයාගේ සතුට ප්‍රකාශ කරන තවත් විදියකටයි.. කියලා හිතෙනවා.. ඉන්ද්‍රජිත්ගේ උදාහරණය මෙතනට වඩා ඒ සිදුවීම යටතේ දැම්මනම් අගෙයි.. ඉන්ද්‍රජිත්ලා මෙවැනි අදහස් නිසා තමයි මම අදහස් දාන්න පෙළඹුනේ.. පුවතේ නියම විස්තර දැනගන්න අවශ්‍යයි..!(නු)

:       0       0

භාතිය Wednesday, 23 January 2013 06:25 PM

ඇත්තටම මේ මොකක්ද වුණේ? (නි)

:       0       0

නයනා Wednesday, 23 January 2013 06:27 PM

හොද තීරණයක්. (නි)

:       0       0

අජිත් Thursday, 24 January 2013 07:46 AM

උසාවි ගිහින් තහනම් නියෝගයක් ගත්තනම් වැඩේ ඉවරයි (ස)

:       0       0

නදුනි Wednesday, 23 January 2013 06:40 PM

එයාගෙන් මෙයාට... මෙයාගෙන් එයාට... (නි)

:       0       0

ෂාහුල් Thursday, 24 January 2013 07:59 AM

මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඉවත් කිරීම මහ අපරාධයක්. (නි)

:       0       0

කලීල් Wednesday, 23 January 2013 07:03 PM

ආයෙත් දෝෂාභියෝගයක් එයිද? (නි)

:       0       0

ජසීම් Wednesday, 23 January 2013 07:19 PM

මෙහෙම ගියොත් මොනවා වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සී. සිල්වා Wednesday, 23 January 2013 07:25 PM

දැන් ඉතින් අපි උන්නත් එකයි මැරුණත් එකයි (ස)

:       0       0

විදුර Wednesday, 23 January 2013 07:43 PM

ඉවරයි ඒකත් (ස)

:       0       0

කුමාර Wednesday, 23 January 2013 07:51 PM

මමත් ගාල්ලේ තමයි. මේ වගේ දක්ෂ පුරපති කෙනෙක් නැති වීම ඇත්තටම කණගාටුයි. මේ කියන මුල්‍ය අක්‍රමිකතා ගැන නම් මම දන්නේ නැහැ. නමුත් මෙතුමා ආවට පස්සේ ගාල්ලේ පැහැදිලි වෙනසක් ආවා. කාටත් නීතිය ක්‍රියාත්මක වුණා. (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Wednesday, 23 January 2013 08:00 PM

දකනු ඇමතිට රුහුණු පුතුන්ගේ ප්‍රණාමය (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 23 January 2013 08:02 PM

මේ වගේ සියළුම වංචා දූෂකයන් ඉවත් කරන්න ඕනේ. (ස)

:       0       0

ජූඩ් Wednesday, 23 January 2013 08:08 PM

ගාල්ලෙනේ ඕව වැඩිපුර ගණන් ගන්න එපා. (ස)

:       0       0

පිටිගල Wednesday, 23 January 2013 08:12 PM

පළාත් සභා ක්‍රමය ලංකාවට සුදුසු නෑ . පළාත් සභා ක්‍රමය ලංකාවෙන් තුරන් කල යුතුයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 23 January 2013 08:19 PM

හැම එකකටම "හොඳ තීරණයක්" කියන උදවියගෙන් ඉල්ලන්න කැමතියි මේවා හොඳ තීරණ බව ඔයාලා කියන්නේ මොන හේතු අනුවද කියා පැහැදිලිව කියන්න කියලා. එතකොට අපට පුවතේ කෙටියෙන් දැක්වෙන සිදුවීමේ පසුබිම් කතාවත් වටහාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කමෙන්ටුව සත පහක වැඩක් ඇත්තේ නෑ. උදාහරණයකට, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වී සිටි විශේෂඥ වෛද්‍යවරයා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් ලෙස මාරුකළ වතාවෙත් සමහරු පුරුද්දට "හොඳ තීරණයක්" කියලා තිබුනා. (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 24 January 2013 10:11 AM

දැන් ඉතින් මොනවා කරන්නද ? (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 23 January 2013 08:39 PM

එයා විතරද වැරදි කරන්නේ? (නි)

:       0       0

සංජීව Wednesday, 23 January 2013 08:46 PM

මම මේ සර්ගෙ පන්ති ගිහිල්ලත් තියෙනවා. (නි)

:       0       0

මංජු Thursday, 24 January 2013 10:47 AM

මෙතුමා අවංක දක්ෂ පරිපාලකයෙක්. (නි)

:       0       0

කමල් Wednesday, 23 January 2013 09:08 PM

ඔහු දූෂණය පිටුදැකපු අයෙක්ද? මම නම් ඔහු ගැන දන්නෙ නැහැ. (නි)

:       0       0

අසංක Wednesday, 23 January 2013 09:07 PM

සාමාන්‍ය දෙයක්නේ මේක‍ . චෝදනා 16 න් 2 යි නේ වැරදි..හොඳ තීන්දුවක්.(ස)

:       0       0

බන්දුල Wednesday, 23 January 2013 09:14 PM

ගාල්ලේ හොරු සියල්ලම අයින්කරලා දාන්න. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 23 January 2013 09:21 PM

ගාලුපුරේ සිරි.... අහෝ දකුණ! (නි)

:       0       0

ගාමිණී Wednesday, 23 January 2013 09:40 PM

ජන්ජාලයයි.....මෙන්න බොලේ තවත් නඩුවක් (ස)

:       0       0

හිරන්ත Wednesday, 23 January 2013 09:42 PM

නයනා දන්නවාද මේ තීරණයේ පසුබිම හොඳද නරකද කියන්න? (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 09:46 PM

කාගේ කාගේත් වැරදි නිවැරදි කරගන්න එයාලා උනන්දු වෙනවා නම් මෙහෙම දේවල් මතුවට වෙන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site