IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගොලු දැරියගේ ඝාතනයට මවත් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

පානදුර හිරණ පින් කෑල්ල හත් හැවිරිදි ගොළු  දැරියගේ ඝාතනය සම්බන්ධයෙන්දැ රියගේ මවද අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.

එම සැකකාරියත් දැරියට පහරදීම සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුනේ බණ්ඩාරගම ගල්තුඩේ ධම්මකිත්ති  ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ  ඒකකයේ අධ්‍යාපනය හැදෑරූ පැල්පොල ගේ රෝෂිණී කවිෂ්කා පෙරේරා  නැමැති දැරියයි.

සැකකාරියගේ අනියම් ස්වාමි පුරුෂයාගේන් දීර්ඝ කාලයක සිට පහර කෑමට දැරිය ලක් වුවද ඒ සම්බන්ධයෙන් සැකකාරිය කිසිදු පියවරක් නොගෙන ඇයද දැරියට වරින්වර අමානුෂික ලෙස පහර දී මේ හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව  සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැරියගේ පියා යුද හමුදා විශේෂ බලකායෙ සෙබලෙකු වන  අතර දැරිය සහ දැරියගේ මව මීට වසර කිහිපයකට ඉහත දී අත්හැර දමා යාමෙන් අනතුරුව  දැරිය ජීවත් කරවීම සදහා සැකකාර කාන්තාව යාචක වෘත්තියේ යෙදී ඇති බව පොලිසිය කියයි.

අනතුරුව බණ්ඩාරගම රඹුක්කන ප්‍රදේශයේ  වෙළඳසැලක සේවය කරමින් සිටියදී සැකකරු සමඟ අනියම් සබඳතාවයක් ඇති වී මීට සති තුනකට පමණ ඉහතදී සැකකරු විසින් ඔහුගේ මවගේ ගෙදරට දැරිය  සහ සැකකාරිය කැඳවාගෙන පැමිණ තිබූ බව පොලිසිය කියයි

 එකී කාලය තුළ දී  දැරියට අමානුශික ලෙස පහර දී  ඇති අතර රෝගී තත්ත්වයට පත්ව තිබු දැරිය රෝහල් ගත කිරීමට පවා සැකකරු  හා  සැකකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබූ බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ නිවස වෙත පැමිණි  පානදුර  ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන්  දිසානායක මහතා දැරිය ගේ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් අනතුරුව දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව සඳහන් වාර්තාව සහ  සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය අයන්දි ගුණසේකර මහත්මියද දැරියගේ මළ සිරුර පරික්ෂා කළා ය.

සැකකරු හා සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (3)

ගොලු දැරියගේ ඝාතනයට මවත් අත්අඩංගුවට

prasanna Wednesday, 08 March 2023 12:52 PM

අද මේ රට මේවගේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙලා තියෙන්නේ අපේ ජාතියේ නූගත්කම, වැරැදි ආකල්ප, කිසිම රටක මේ වගේ දේවල් සිදුවෙන්නේ නැහැ...

:       1       8

කල්ප රත්නසේකර Wednesday, 08 March 2023 03:47 PM

මේ වගේ අන්ත අසරණවුණු, තමන්ගෙ දුක කියන්න කෙනෙක් නැති තව කොච්චර දරුවො මේ රටේ ඉන්නවද, මේ දරුවො රටට සම්වපතක්, කුමනහෝ හේතුවක් මත තමන් වදපු දරුවව තමන්ට හදාගන්න බැරිනම් ඒ වගේ දරුවන් සමාජයට මුදාහරින්න පුළුවන් වයසට එනකම් ඒ දරුවන්ව රැකබලාගන්න පුළුල් වැඩපිළිවෙලක් මේ රටට අවශ්‍යම කාලයක් මේක. කිසිම දේශපාලන පක්ෂයක් මේ ගැන කාතාකරන්නෑ, ඒ ගොල්ලන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශවලවත් මේ ගැන කිසිම සදහනක් නැති එක හරිම ‍ශෝකජනක කාරණාවක්. අපි මේ ඡන්දෙට ගෙදරට කැන්වසින් එන හැමෝටම මේ කාරණාව බෑරෑරුම් විදියට මතක්කරල දෙමු. දිනෙන්දින අපාදුක් විදල ඇස් පියාගන්නෙ අපේ ගෙදර හුරතල් වෙවී ඉන්න අපේ දරුව වගේම අහිංසක දරු පැටව් නේද?

:       0       2

de silva Wednesday, 08 March 2023 03:58 PM

පව්, අහිංසක දරුවා....!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site