අයි. පී. එල්. තරගාවලියේ 70 වැනි තරගය ලෙස බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවා ලකුණු 24 ක ජයක් ලබගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ විරාට් කෝලි පන්දු 29 කින් නොදැවී ලකුණු 56 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
කි‍්‍රස් ගේල් (28) සමග එක්වූ කෝලි බැංගලෝර් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 67 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
සාහිර් ඛාන් ඕවර 4 ක් යවා ලකුණු 17 කට චෙන්නායි පිලේ ප‍්‍රභල කී‍්‍රඩකයන් සිව් දෙනෙක් (මයිකල් හසී, සුරේශ් රයිනා, මහේන්ද්‍ර සිං දෝනි, රවින්ද්‍ර ජඬේජා) දවාගනිමින් තම පිලේ ජය තහවුරු කළේය.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය ඕවර 8 කට සීමාකර තිබිණ.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල ඕවර 8 කදී කඩුලූ 4 ට 106
(විරාට් කෝලි නොදැවී 56, කි‍්‍රස් ගේල් 28, මොයිසස් හෙන්රික්ස් 12)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 8 කදී කඩුලූ 6 ට 82
(මුරලි විජේ 32, ඞ්වේන් බ‍්‍රාවෝ 11, මහේන්ද්‍ර සිං දෝනි 24, සාහිර් ඛාන් 17/2)
(*)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගේල් - කෝලි රාජකීය පිතිහරඹයක
විරාජ් කාලිංග Sunday, 19 May 2013 03:47 PM
20/20 තරගත් ඕවර ගණන අඩු කරාම එකේ තියෙන රිද්මය නැතුව යනවා තවත්,ඕවර 8 ක් ගහල ජයග්‍රාහකයෝ තොරණ එක වැරදියි. දැන් සුපිරි ඔවෙර් කියල බෝල 6ක් යවල තරගේ තීරණය දෙන තත්වෙට ඇවිල්ලා. ඉස්සරහට ඒවි 1 බෝලයයි තරගේටම කියලත්.(නදී)