(කාංචන කුමාර ආරියදාස)

ගලේවෙල දිසා දිසාරෝහලේ පවතින තදබදය අඩුකිරීම සහ රෝහල් සංවර්ධනය සඳහා ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වසර දාහතරක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැතැයි ජනතාව චෝදනාකරති.ෙ

රජයන් කිහිපයකම බලධාරීන් වෙත මෙම බරපතල තත්ත්වය පිළිබඳව දැනුවත් කළද මෙම රෝහලේ අංග සම්පූර්ණ ඉදි කළ තෙමහල් ගොඩනැගිල්ල විවෘත නොකරන්නේ මක් නිසාදැයි ජනතාව මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටිති.

ගලේවෙල නගර මධ්‍යයේ පිහිටා ඇති රජයේ රෝහල ප්‍රදේශයේ විශාල ජනතාවකට ප්‍රතිකාර ලබාදෙන ස්ථානයකි. දවසින් දවස ජනගහනය වැඩි වීමත් සමඟ රෝහලේ පවතින ඉඩ පහසුකම් ඉතාමත් අවම වීම රෝහලට අවැසී මානව සම්පත නිසිලෙස නොමැතිවීම ආදී කරුණු නිසාවෙන් දිනපතාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට නේවාසිකව ප්‍රතිකාර ලබන ජනතාවට මෙන්ම සායන සඳහා පැමිණෙන ජනතාවටද විවිධ හිරිහැර කරදර වලට ලක් වීමට සිදුවන බව රෝගීන් පෙන්වා දෙති.

අවස්ථා කිහිපයකදීම පැවති රජයන් පළාත් සභා නියෝජිතයින් එක්ව රෝහලේ විවිධ සංවර්ධන කටයුතු සිදු කරන්නට විය. එවැනි කාලයකදී පැවති පාලක පක්ෂය යෝජනා සම්මත කොට අවස්ථා කිහිපයක රජයේ මුදල් යොදවා අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම අරමුණු ඇතිව ගලේවෙල රෝහල් භූමියේම තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකොට ඇවැසී ඇතැම් උපකරණද ලබා දී ඇතැයි ජනතාව පෙන්වා දෙති.