IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18 කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇතැයි මෙහිදී සඳහන් විය.

මේ සම්බන්ධයෙන් කමිටුව කරුණු විමසූ අවස්ථාවේදී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු නොයෙදීම පිළිබඳවද කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරිණ.

ඇතැම් රහසිගත මෙහෙයුම් කිරීමේදී සහ ප්‍රායෝගික තත්වයන්හිදී ඇඟිලි සටහන් යෙදීමේ අපහසු තත්වයක් පවතින බව රේගු නිලධාරීහු පැවසූහ.

ශ්‍රී ලංකා රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරිණ.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ අතර නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසු දේශීය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් එම ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳව කෝපා කමිටුව කමිටුවේ අවධානය යොමුවිය.

එම පෞද්ගලික ආයතනය ඇමරිකානු ඩොලර් 5139621 ක් ලෙස මුදල් ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇමරිකානු ඩොලර් 6350364 ක් ලෙස වටිනාකම දක්වා ඇමරිකානු ඩොලර් 1210743 ක් අදාල ආයතනයට වැඩිපුර ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබු බව කෝපා කමිටුව පවසයි.

 



අදහස් (10)

ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන

පැරකුම් Tuesday, 21 November 2023 07:36 AM

නිකං අපේ බදු සල්ලි නාස්ති කරනව විතරයි. කවද්ද වරදට දඩුවමක් දුන්නෙ?

:       1       2

ලුම්බිණි Tuesday, 21 November 2023 07:46 AM

මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.

:       0       3

abarn Tuesday, 21 November 2023 08:30 AM

රේගුව කියන්නේ ලංකාවේ අංක එකේ හොර ගුහාවක් . රෙගු නිලධාරීන්ට වැඩි වැසි ලැබෙන්නේ පගාවෙන්ද නැත්නම් බද්දෙන්ද , අන්න ඒ ක්‍රමයට තමයි රේගුවේ වැඩ . හොඳ මහත්වරුත් නැතුවාම නොවෙයි . පරිගණක තාක්ෂනය හා අධීක්ෂණය හැකි උපරිමයෙන් යොදාගෙන මේ හොර ගුහාව නිසා රජයට අහිමිවන බදු ආදායම බින්දුවට බැස්සවීමට පාලකයින්ට කොන්දක් තිබිය යුතුයි . හැමෝම බනින්නේ දේශපාලකයින්ට නමුත් මෙන්න මේවගේ හොරු දේශපාලකයින්ට වඩා රටට හෙන ගෙනෙනවා .

:       0       21

Aravinda Monarawila Tuesday, 21 November 2023 08:57 AM

දේශපාලුවන් වගෙම නිලදාරිනුත් හවුලෙ කාලා නැතිකල රටක් මෙක !

:       0       10

Nimal Tuesday, 21 November 2023 10:02 AM

මේවගෙන් වුන පාඩු නේ ද අපි දැන් බදු විදිහට ගෙවන්නෙ?

:       0       16

manjula Tuesday, 21 November 2023 11:35 AM

මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

:       0       1

wijeratne Tuesday, 21 November 2023 12:25 PM

මේක ඇත්ත කතාවක්. රජයට ලැබිය යුතු අමතර බදු සහ ණය අයකර ගැනීම වෙනුවට රේගු නිලධාරීන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් පනවා දඩයක් ලෙස අයකර ගන්නා ලදී. ඉන්පසු ඔවුන් ත්‍යාග වශයෙන් ඔවුන් අතරේ මුළු මුදලින් අඩක් බෙදා දුන්හ. ත්‍යාගය යනු නීත්‍යානුකූල මුදල් වන අතර උපයන කළු සල්ලි සුදු හෝදන්නටද ඔවුන්ට හැකිය. අපිරිසිදුම දෙය නම්, මෙම මුදල දඩයක් ලෙස ඇණවුම් කළ නිලධාරියා COPA කමිටුවට ඉතා දිගු ඉදිරිපත් කිරීමක් කළ එකම පුද්ගලයාය. අවසාන බර ලංවිමේ වියදමට ගිය අතර පසුව සාමාන්‍ය ජනතාවටය. රගුනාදන් මන්ත්‍රීවරයා හැර මේ ප්‍රශ්නය ගැන අවම අවබෝධයක් නැති කමිටු සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් කෝපා රැස්වීමට පැමිණි මුළු රේගු මහත්වරුම හොඳට කෙටුම්පත් කළ නාට්‍යයක් රඟපෑහ.

:       0       4

Rata Perata Tuesday, 21 November 2023 01:06 PM

නුවර එළියේ තැපැල් කාර්යාල ඇතුළු රටේ සම්පත් ටික විකුනන්නම වැලිකන අර පිනට මෙන්න මේ ප්‍රහසන ගැන හොයන්න මොලයක් නෑ .මේ වගේ කාලකන්නි එක්ක මේ රට තවත් පහලට යනවා විතරයි

:       2       3

Prabha Tuesday, 21 November 2023 01:36 PM

අපි නොදන්නා රේගුවේ රහස් මෙහෙයුම්

:       0       3

Prasanna Tuesday, 21 November 2023 01:55 PM

හිඟන්නන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 210 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 110 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 504 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 107 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 657 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1943 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site