IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා පොදු දේපල පනත ප්‍රකාරව අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළාය.

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මාස තුනක රැදවුම් නියෝග මත ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ රදවා තබාගැනීමෙන් පසු ඉකුත් 18 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිමිනම නිතිපතිවරයාගේ උපදෙස් මත අද (23) ඇප මත මුදා හැරිමෙන් පසු මෙම සිද්ධියට කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ කාර්යාලය ඉදිරිපිටදී ඉකුත් ජුනි මස 10 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් සිදුකරමින් එම කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුවට රුපියල් දෙලක්ෂ තිස් දහසක අනර්ථයක් සිදුකර පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි තලංගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

ඒ අනුව මෙම සැකකාර හිමිනම පොදු දේපල පනත ප්‍රකාරව මෙන්ම අයුතු ජන රාශියක සාමාජිකයකු වෙමින් කටයුතු කර පොලිස් නිලධාරින්ගේ රාජකාරිය බාධා කළැයි චෝදනා 15ක් යටතේ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 



අදහස් (3)

ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ්

chandima Wednesday, 23 November 2022 09:09 PM

පන්සලේ උන්නත් එකයි බන්ධනාගාරයේ උන්නත් එකයි .දෙපොලේම නොමිලේ ධානය ලැබෙනවා

:       2       4

විජේ Thursday, 24 November 2022 02:18 AM

මූනෙ තියන පිං පාට, රැසුත් විහිදෙනවද මන්දා..........

:       2       2

ලුම්බිණි Thursday, 24 November 2022 03:55 AM

රනිල්ට නම් දැන් හොඳටම පිස්සු වගේ.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site