IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගාල්ල විභාග මධ්‍යස්ථානයක අවුලක්

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති.

ඔවුන් පවසන්නේ දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියදි ඔවුන් ගෙනෙන ලද ගණක(කැල්කියුලේටර්) යන්ත්‍ර ශාලාධිපතිනිය විසින් එකතුකර ගෙන ඇති බවය.

පසුව ශාලාධිපතිනිය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට පවසා ඇය විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලද උපදෙස් මත පැය භාගයකට පසු ආපසු ඒවා ලබාදි ඇති බවත් එසේ ලබාදි ඇතත් ඒ වන විට ඒවා කලවම්කර නිසා තම තමන්ගේ ගණක යන්ත්‍ර තෝරා ගැනිමටද දරුවන්ට බොහෝ වේලාවක් ගත කරන්නට සිදුව ඇතත් එසේ ගතවු කාල සිමාව වෙනුවෙන් අමතර කාලයක් ලබාදි නැති බවත් දෙමව් පියෝ පවසති.

මව්පියන් පැවසුවේ මේ නිසා දරුවන් හඩමින් විභාග ශාලාවෙන් පිටතට පැමිණි බවය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපරාත්මේන්තුවේ නිලධාරියකුගෙන් විමසුවිට කියා සිටියේ විභාග දෙපාරතමේන්තුව විසින් අනුමත කරන ලද ගණක යන්ත්‍ර හැර ‍සිසුවියන් කිහිප දෙනකු වෙනත් ගණක යන්ත්‍ර ගෙනැවිත් තිබු නිසා ශාලාධිපතිනිය ඒවා ලබාගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් මව්පියන් පැවසුවේ සිසුවියන් විභාග ශාලාවේ වාඩි විමට පෙර ඒවා පරික්ෂා කළ යුතුව තිබු බවය. එනිසා මේ සම්බන්ධයෙන් තම දරුවන්ට සාධාරණයක් ඉටු කරන ලෙසද මව්පියෝ ඉල්ලා සිටිති.

මේ පිළිබඳව විමසිමට විභාගය අවසන්විමෙන් පසු විභාග ශාලාධිපතිනිය හමුවිමට මාධ්‍යවේදින් ගිය අවස්ථාවේ කන්‍යා සොහොයුරියන් දෙදෙනකු සහ පාසලේ මුරකරු මාධ්‍යවේදින්ට දොස් පවරා ඉවත්ව යන ලෙස පවසා දරුවන්ගන් ප්‍රකාශ සටහන්කර ගෙන ප්‍රධාන දොරටුව මග හරවා වෙනත් දොරටුවකින් යවන ලදි.

 



අදහස් (3)

ගාල්ල විභාග මධ්‍යස්ථානයක අවුලක්

Nimesh Sunday, 21 January 2024 07:40 AM

සාධාරණයක් ඉටු කරන්න...

:       0       0

Mohamed Sunday, 21 January 2024 09:47 AM

ඉහත පාසලේම භෞතික විද්‍යා පළමු පත්තරය ලබාදී තිබියදී එම විභාග ශාලවේ කටයුතු කල ගුරුවරියන් දෙදෙනෙකු තමන් ඇඳ සිටින සාරි පිළිබදව ශබ්ද නඟා කථා කරමින් කටයුතු කොට ඇත. අදටත් මගේ දුව ඒ ගුරුවරියන්ට දොස් කියනවා. මේ වගේ වගකීමක් නැති ගුරුවරුන් මෙවැනි රාජකාරිවලට යොදවලා ළමයින්ගේ අනාගතය සමඟ සෙල්ලම් කරන්න දෙන්න එපා. ළමයෙක් විභාගයකට සුදානම් වෙන්නේ කොතරම් දුෂ්කරතා මධ්‍යෙය්ද? විශේෂයෙන් අපේ රටේ...

:       0       0

චන්දන Sunday, 21 January 2024 12:39 PM

ගණකාධිකරණය කියලා ප්‍රශ්න පත්‍රයක් නැහැ. කොහොම නමුත් ශාලාධිපති මීට වඩා කල්පනාකාරීව කටයුතු කළා නම් මෙහෙම ගැටලුවක් වෙන්නෙ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site