IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ 13 න් පහළ, I කොටසේ ශූරතාව දිනති

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අද (12 වැනිදා) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවති වයස 13 න් පහළ, I කොටසේ අන්තර් පාසල් අවසන් මහ තරගය ජය ගැනීමට රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත්වූහ.

අවසන් තරගයේ වීරයා බවට පත්වූ රිච්මන්ඞ් විද්‍යාලයේ රවිශ්ක විජේසිරි තරගය අවසන් වන තුරුම කඩුල්ලේ රැදී සිටිමින් තම කණ්ඩායමට ජයග‍්‍රහණයේ දොරටු විවර කර දුන්නේය. ඔහු නොදැවී රැස්කළ ලකුණු 43 ක සුපරික්ෂාකාරී ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

සිව්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් තාරුක ඔහුට අනගි සහයක් ලබා දෙමින් අනිත් අත්තයේ සිට ලකුණු 26 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය.      

රිච්මන්ඞ් විද්‍යාලයේ කවිඳු එදිරිවීර සහ ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සවන් ප‍්‍රභාෂ් පිළිවෙළින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පිතිකරු ලෙස කුසලාන හිමිකරගත්හ.

ශාන්ත අන්තෝනි විද්‍යාලය  ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 136
(ශාලිත ප‍්‍රනාන්දු 31, සවන් ප‍්‍රභාශ් 41, සනිල් නිදූෂ 20, කලිඳු ආදිත්‍ය 27/3, කවිඳු එදිරිවීර 23/3, කෝසල හිරාන් 37/2)

රිච්මන්ඞ් විද්‍යාලය  ඕවර 38.2 කදී කඩුලු 2 ක් දැවී 137
(රවිශ්ක විජේසිරි නොදැවී 43, තවීෂ අබේසිංහ 18, කසුන් තාරුක නොදැවී 26)

ඡයාරූප - ශානුක අරවින්ද

ශූරතාව දිනාගත් රිච්මන්ඞ් කණ්ඩායම

ශාන්ත අන්තෝනි කණ්ඩායමේ නායකයා අනුශූරතා කුසලානය හිමිකරගනිමින්

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා - රිච්මන්ඞ් විද්‍යාලයේ කවිඳු එදිරිවීර

තරගාවලියේ දක්ෂතම පිතිකරු - ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සවන් ප‍්‍රභාෂ්

අවසන් තරගයේ වීරයා - රිච්මන්ඞ් විද්‍යාලයේ රවිශ්ක විජේසිරි පන්දුවට පහර දෙමින්



අදහස් (0)

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය කී‍්‍රඩකයෝ 13 න් පහළ, I කොටසේ ශූරතාව දිනති

නිපුණ Wednesday, 13 February 2013 01:30 PM

මේක එක් ජයග්‍රහණයක් විතරයි. ගිය අවුරුද්දෙත් ශුරතාවය ගත්තෙත් රිච්මන්ඩ් විද්‍යාලය තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site