IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ල මහින්ද සියවස් ජම්බෝරිය අද

ගාල්ලේ මහින්ද විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමට හා ගාලු දිසා බාලදක්ෂ සමූහයට සිය වසරක් පිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘ෆිගාමාස්ක් සෙන්චනරි‘ ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය අද (22) ගාල්ලේ දී ආරම්භ වෙයි. අඟහරුවාදා සිට දෙස් විදෙස් බාලදක්ෂයෝ සහ බාලදක්ෂ බාළිකාවෝ 1500ක පමණ පිරිසක් පැමිණ ගාල්ල සමනල පාලම ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා පාපන්දු පිටියේ කඳවුරු බැඳ සිටිති.

ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කළ තුන්වැනි පාසල හා දකුණු පළාතේ පළමු පාසල වන්නේ මහින්ද විද්‍යාලයයි. බාලදක්ෂයකුට ලැබිය හැකි ඉහළම පදක්කම වූ අතීතයේ රැජන පදක්කම ද වර්තමානයේ ජනාධිපති පදක්කම ද ලැබූ වැඩිම බාලදක්ෂයන් පිරිසක් බිහිකළ විද්‍යාලයන් අතර මහින්දයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

මහින්දයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීමේ පුරෝගාමියකු වූ නියෝජ්‍ය විදුහල්පති එච්.ජී.පියර්ස් මහතා ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කිරීමේ මූළිකයා වූයේය. මහින්ද බාලදක්ෂයෝ ද පියර්ස් මහතාට සහය වෙමින් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ බාලදක්ෂ ව්‍යාපාරය ඇරඹීමේ කටයුතු ඉට කළහ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස විවෘතවන සියවස ජම්බෝරියට පැමිණ සිටින බාලදක්ෂයන්ට මහින්ද විද්‍යාලයේ දී, කොග්ගල දී හා රූමස්සල දී ක්‍රියාකාරකම් රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. සංස්කෘතික සංදර්ශන, නිපුණතා සංදර්ශන හා ගිනිමැල දර්ශන ඇතුළු විශේෂාංග රැසක් දිනපතා රාත්‍රී කාලයේ ගාල්ල උසාවි චතුරශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 



අදහස් (0)

ගාල්ල මහින්ද සියවස් ජම්බෝරිය අද

කමල් Wednesday, 22 October 2014 03:47 AM

මම නම් අපේ ළමයින් මේ ව්‍යාපාරයට යවන්නේ නැහැ. කරුණාකර අන්තර්ජාලය කියවා බලන්න (නදී)

:       0       0

සජීව නල්ලපෙරුම Wednesday, 22 October 2014 12:18 PM

දැන් අලුත් විදුහල්පති කෙනෙක් නේද ඉන්නෙ. අහන්නත් ආසයි රිච්මන්ඩ් ආදී සිසුවෙක් මහින්දෙ විදුහල්පති වීම. (නදී)

:       0       0

කමල් පරණවිතාන Wednesday, 22 October 2014 04:10 AM

සහභාගි වන සැමට සුබපැතුම්.(හේ)

:       0       0

මල්ලිකා ගුණරත්ව Wednesday, 22 October 2014 01:03 PM

මගේ උණුසුම් සුබපැතුම් (නදී)

:       0       0

අජිත් Wednesday, 22 October 2014 01:24 PM

මගේ උණුසුම් සුභ පැතුම්, සැමදා මහින්ද විදුහල් මාතාව දිනේවා. මට හරි සන්තෝසයි මහින්දයේ ආදී සිසුවෙක් වීම ගැන.(නදී)

:       0       0

kumar Wednesday, 22 October 2014 07:27 AM

මහින්ද බාල දක්ෂයන්න්ට සුභ පැතුම්. (හේ)

:       0       0

යසිත ලොකු නාරංගොඩ Wednesday, 22 October 2014 08:01 AM

හොඳ වැඩක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site