IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගාල්ල පුරපති බිරියටත් ලාබෙට කඩයක්

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ කඩ ලාබෙට ලබා ගත් අය අතර ගාල්ල පුරපති මෙත්සිරිද සිල්වාගේ බිරිය එම් කේ කළුආරච්චි ද, තවත් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සමීප නෑයන් ද සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පළාත් මන්ත්‍රී නලීන් හේවගේ මහතා දකුණු පළාත් සභාවේ දී පැවසීය.

ඔහු එසේ පැවසුවේ කඩ ලබා ගත් අයගේ නම් ලැයිස්තුව මහ ඇමැති ශාල් විජයලාල් ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කැරුණු අවස්ථාවේ දීය.

මෙම කඩ ලබා ගත් අය අතර නාගරික මන්ත්‍රීවරුන්ගේ බිරියන්ද සිටින්නේදැයි හේවගේ මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ මහ ඇමැති පැවසුවේ ඒ ගැන නොදන්නා බවයි.

හේවගේ මහතා ඔහුට පිළිතුරු දෙමින් පැවසුවේ ගාලු පුරපතිගේ බිරිය එසේ කඩ ලබා ගත් එක් අයකු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සමීප නෑයන් ද කඩ ලබා ගෙන ඇතැයි ද, එසේ කඩ ලබා ගත් අයගේ සම්පූර්ණ ලැයිස්තුව ඊළඟ සභා වාරයේ ඉදිරිපත් කරන බව ද ඔහු කීවේය. 

කඩ ලබා ගත් අයගේ නම් ගම් ඇතුළත් සභා ගත කළ ලැයිස්තුව මෙසේය.

IMG_238 IMG_239 IMG_240 IMG_241  

 



අදහස් (0)

ගාල්ල පුරපති බිරියටත් ලාබෙට කඩයක්

සත්‍යයා Wednesday, 27 August 2014 11:36 PM

ලේ සම්බන්ධතා නම් වලින් හඳුන්වන්න අමාරුයි. ලේ කොහොමටත් වතුර වලට වඩා ඝනකමයි. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 28 August 2014 12:32 AM

එතුමා ආදර්ශවත් ස්වාමි පුරුෂයෙක් (නි)

:       0       0

දිනේෂ් Thursday, 28 August 2014 12:51 AM

‍පුලුවන් නම් අනෙක් මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන්ගේ නම් ටිකත් හෙළි කරන්න... (නි)

:       0       0

කීර්ති Wednesday, 27 August 2014 11:19 AM

ඔන්න පෙනෙනවා නේද ප්‍රජාතන්ත්‍ර වාදය ....ඡන්දෙට වැඩකරපු අයට හොඳට සළකල තියෙනවා .........යමු යමු ඔහොම යමු .....(ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 28 August 2014 02:18 AM

මැති ඇමැතිවරු කරන දේවල් වල හැටියට මේක එතරම් දෙයක් නොවෙයි. අනික මේවා හැමදාම කරන්න බැහැනේ. අහුවුණ වෙලාවක් වෙනතුරු කරගත්ත දෙයක් විතරයි.කමක් නැහැ. ඔහොම යමුකෝ. (නි)

:       0       0

අපොන්සු Thursday, 28 August 2014 02:38 AM

පුරපති කමෙන් එහෙම දෙයක් වත් කරගන්න බැරිනම් යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිව්වලු. (අ)

:       0       0

රිකාස් Wednesday, 27 August 2014 12:30 PM

මේවිදියට මේගොල්ලෝ දිගටම වැඩ කලොත් ගාල්ලට දෙවියන්ගේ පිහිටයි.(අ)

:       0       0

ඔෂාන් Thursday, 28 August 2014 03:41 AM

ජය වේවා ....... මන්ජුලා කළුආරච්චි නෝනා ...ගම ගාල්ල ද ,පානදුර ද ,බිබිලේද (අ)

:       0       0

සංජීව Thursday, 28 August 2014 03:58 AM

තමුන්ගේ භාර්යාවට කඩයක් අරන් දෙන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද එක අතකට? ඔන්න ඕක අතහැරලා දාන්න මහත්තයෝ. (නි)

:       0       0

සම්පත් Thursday, 28 August 2014 04:16 AM

ඒක තමයි සැමියා බිරිඳගේ දෙවියාය කියන්නේ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 28 August 2014 03:34 PM

අනේ මෙහෙම තණ්හාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (අ)

:       0       0

අමිත් Wednesday, 27 August 2014 02:07 PM

ඕං ජෙප්පො ඉන්න එකේ වාසිය. (නදී)

:       0       0

අරවින්ද Thursday, 28 August 2014 06:16 AM

ආසියාවේ ආශ්චර්ය ගාල්ලෙන් පටන් අරන් තියෙන්නේ (අ)

:       0       0

චන්ද්‍රා Wednesday, 27 August 2014 04:01 PM

ඉතින් මොකෝ? බොහෝ දෙනෙක් කරන්නේ පළමුවෙන් හොඳම හරිය තමන්ට බෙදාගෙන ඉතිරි හරිය අනුන්ට බෙදන එකනේ (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 04:24 PM

මෙතන කිසි වැරැද්දක් නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 04:27 PM

මෙතන කිසි වැරද්දක් නැහැ. නීත්‍යානුකුලව ටෙන්ඩර් පටි පාටිය අනුව , තැන්පත් මුදල් ගෙවා ,මාසික කුලී වරිපනම් ගෙවනවා නම් කැමති කෙනෙකුට දිය හැකියි. අන්තිමේ කියන්නේ ඔය මිනිහා ඉන්නකම් කලේ අනුන්ට අපිට කල දෙයක් නැහැයි කියා (නදී)

:       0       0

අබේපාල Wednesday, 27 August 2014 05:09 PM

අනේ ඉතින්, දැන් කොහොමද පාරක බැහැලා යන්නේ? මොන ලැජ්ජාවක්ද මේ? (නි)

:       0       0

ජනක Thursday, 28 August 2014 09:54 AM

දැන් බලන්න උඩින්ම නම තියෙන කෙනා කොළඹ බත්තරමුල්ලේ . ගාල්ලේ උදවිය කැපිලා ගිහින් එයාට කඩයක් ලැබිලා. (ස)

:       0       0

සුගුනවති Wednesday, 27 August 2014 10:14 PM

ඔය අපේ දේශපාලන උදවිය මහජනයාට කරන සේවයනේ ඉතින් (නි)

:       0       0

නයන Wednesday, 27 August 2014 10:38 PM

මට හිතෙන්නේ බොරු ලිපිනයක් දමා කඩය අරගෙන ඇති කියලයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site