ගාල්ල නගරයේ සෑම වර්ෂයක ම පැවැත්වෙන දකුණු පළාත් නිදහස් දින උත්සවය මෙවර සංවිධානය කැර නැත.
දකුණු පළාත් සභා ප්‍රකාශකයකු පැවසුයේ එවැනි උත්සවයක් මෙවර සංවිධානය කැර නොමැති බවයි. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද පවසන්නේ නිදහස් දින සැමරුමක් ගාල්ලේ පවත්වන බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් ලැබී නැති බවයි.
දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ද මෙවර නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් උත්සව සංවිධානය කැර නැත. මේ සම්බන්ධයෙන් ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා කියා සිටියේ සාමාන්‍යයෙන් ගාල්ලේ පැවැත්වෙන නිදහස් දින උත්සවය සංවිධානය කරන්නේ දකුණු පළාත් සභාවෙන් වුව ද මෙවර එවැනි උත්සවයක් සඳහා ක්‍රීඩාංගණ වෙන්කැර නොමැති බවයි.
කෙසේ වෙතත් උත්සවය පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මාධ්‍යවේදීන් කරුණු විමසීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිදහස් දිනය සැමරීමේ උත්සවයක් කඩිනමින් සංවිධානය කළ බව ද දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලට නිදහස අමතකවේ
සජිත් Tuesday, 03 February 2015 01:13 PM
මමත් ගාල්ලේ අපිට නිදහස ගෙනත් දුන්න නායකයා නැති උනාම අපිට මොන නිදහසක්ද බොල දැන්. (නදී)
නුවන් ලියනගේ Tuesday, 03 February 2015 01:14 PM
අපිට හිටපු නායකයා නිදහස ගෙනත් දුන්න නායකයා නැති උනාම අපිට මොන නිදහසක්ද? (නදී)
මංජුල Tuesday, 03 February 2015 01:36 PM
දෙවෙනි වරට රටට නිදහස ලබාදුන් වීරයා ගෙදර යවල, බොරුවට කොඩි වනල මොකටද? (නදී)
සහන් Tuesday, 03 February 2015 01:58 PM
වසර දහයකට පසු හොරුන්ගෙන් නිදහස්වූ දිනයක්. මේ නිදහස් දිනය සැබෑම නිදහස් දිනයකි (නදී)
අබේ-ටෝකියෝ Tuesday, 03 February 2015 03:16 PM
දකුණේ නායකයා ගෙදර යවලා දැන් මොන නිදහස් උත්සවද ? කදුරට අපිට මෙය හිතා ගන්න බැහැ. ප්‍රබාකරන්, සිංහලයට මතක තියෙන්නේ සති කීපයක් කියල කීමේ ඇත්තකුත් තියෙනවා (නදී)
ගයාන් ගජවීර Tuesday, 03 February 2015 07:14 AM
ඒක නම් හොඳ වැඩක් නෙමෙයි. ලංකාවේ මිනිසුන්ගේ හැටි ඔහොමයි (නදී)
ඇසළ Tuesday, 03 February 2015 06:05 PM
උතුරේ නම් මේ පාර නිදහස සමරයි නියමෙට දකුණේ නැති උනාට. (නදී)
කිරි ගමරාල Tuesday, 03 February 2015 11:37 AM
ගාල්ලේ දේශපාලන නායකත්වයේ හොදා පාළුව තමයි පෙන්නුම් කරන්නේ. බලය ගන්න සහ බලයේ ඉන්න කැසකවන අයට ජාතික උත්සව වලින් වැඩක් නැහැ. (දිල්)
ලියනගේ Wednesday, 04 February 2015 01:46 AM
ලබාගත් නිදහස අමතක උන බව පෙන්නුවේ ජනවාරි 8 වෙනිදා නේද ? (නදී)