
(ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස් හින්න අතර දුම්රිය මාර්ගයට අද (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .
වර්ශාවත් සමග මෙසේ විශාල ගල්පර්වත දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති අතර මේ නිසාවෙන් බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (7) පස්වරු 6.30 ට ධාවනය වීමට නියමිතව ඇති අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය ප්‍රමාද වනබවත් දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේය .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වු අංක 1007 විශේෂ සීඝ්‍රගාමී දුම්රිය දැනට ඔහිය දුම්රිය ස්ථානයේ නවතා තබා තිබෙන බවද දුම්රිය පාලන මැදිරිය සදහන් කර සිටියේය .
දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති විශාල ගල්පර්වත ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් සහ යුධ හමුදා නිළධාරින් යොදවා ඉවත් කිරිමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
373
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්පර්වත කඩාවැටී උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා