IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ

(ෂේන් සෙනෙවිරත්න)

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු  මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි එම සුඛෝපභෝගී ජීප් රිය අත්අඩංගුවට ගෙන තිබේ.

දේවගැතිවරයාට අයත් බව කියන එම සීපී ජේආර් 5556 අංකය සඳහන් ජීප් රිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රිය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන තිබේ .

මෙම දේව ගැතිවරයාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් පමණ තිබෙන බව පවසන පොලිසිය ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ. කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය කියයි.

එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (10)

ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ

සෙනෙවිරත්න Thursday, 07 November 2024 07:02 AM

වාහන පෙලපාලි එනකොට කාණුවලට බැහැලා ඉඩදීපු අය කියයි මේවා මොනවාද කියලා, මොකද ඔවුන්ට වලව්වල ගාය නොදැක ඉන්න අමාරුයි. අනුරාධපුර තමන්ගේ පන්තියේ ගොවි පුතෙක් රටේ නායකයා නොවුණා නම් මේවා හොයනවා බොරු, සමහරුන්ට ඒ ගොවිපුතා තමයි අවුල..!

:       0       0

Rasi Thursday, 07 November 2024 07:07 AM

Lee Kuan Yew රට බාරගත්තාට පස්සේ, තිබුණු ප්‍රධාන ප්‍රශ්නය තමයි, මේ දුෂිත ප්‍රධාන චරිත රට පාලනයට බාධා කරන එක. ඒ සඳහා දූෂිත ආධාරකරුවන් සහ අමන ඡන්ද දායකයින් එකතු කරගෙන මහජනයා වෙනුවෙන් පෙනී සිටිනවා යයි පවසමින්, රට අවුල් කිරීමට සහ කරගෙන යාමට නොදී නැවත පාලනය ලබාගැනීමට උත්සාහ කිරීම. සිංගප්පූරු අගමැතිවරයා මේ සඳහා තදින් සිට, ඔවුන්ට දඬුවම් පමුණුවා නීතිය ශක්තිමත් කළ පසු, රටේ සංවර්ධනය වේගවත් වී අප දකින සිංගප්පූරු රට දක්වා දීර්ඝ ගමනක් පැමිණ ඇත. මේ දූෂිත පූජකයින්ද වහා අප සමාජයෙන් ඉවත් කළ යුතුවේ. අප රටක් බාරදෙනු ලබන්නේ අවුරුදු 5 ක වැඩපිළිවෙලකට වන අතර, ඒ සඳහා ඔවුන් අසමත් නම්, ලබන ඡන්දයේදී නැවත නව ආණ්ඩුවක් ගෙන ආ හැක. එසේ ගෙනැවිත් නැවත 2048 තෙක් බලාසිටිය හැක...!

:       0       0

Anil Thursday, 07 November 2024 08:23 AM

දේව හාස්කමක් වෙන්න බැරිද?

:       0       0

වික්‍රම විදුර Thursday, 07 November 2024 08:52 AM

මෙම ස්ථානය රාජසංතක කර මෙම අනවශ්‍ය මිත්‍යා කටයුතු අයින් කරන්න. නැත්තං ආයෙමත් පටන් ගනී මේ හොර ගුහාව. දේපල පුණ්‍ය කටයුතු සඳහා රජයේ ආයතන සඳහා ලබා දෙන්න.

:       0       0

Bunny Preena Thursday, 07 November 2024 09:05 AM

කපුවගේ අනුගාමිකයන්ට සෑහෙන දුක ඇති... දැන් තමයි හොඳම වෙලාව තමන්ට දෙවියන්ගෙන් ලැබිලා තියෙන බලය සහ ශක්තිය පෙන්නන්නට...

:       0       0

Chaminda Kumara Thursday, 07 November 2024 09:10 AM

කපුවා කපෝති...!

:       0       0

Gamini Thursday, 07 November 2024 10:03 AM

දැන් ඉතින් දෙයියෝ බේරා ගත්තොත් තමයි...

:       0       0

රංජිත් Thursday, 07 November 2024 10:39 AM

කපුවො මෝඩ මිනිස්සු මුලාකරනවා වගේ හැමදාම නීතියත් මුලාකරන්න පුඵවන් කියලා හිතන්න ඇති. රටේ නීතිය සැමටම එකලෙස හරියට ක්‍රියාත්මක කරනවාට රජයට ස්තුතියි.

:       0       0

chamara Thursday, 07 November 2024 10:57 AM

දන්නවා ඉතින් ඉස්සර, මොකවත් කරගන්න බැරුවනේ හිටියේ. ඕවාට ක්‍රියාමාර්ග අරන් කොහොමද රස්සාව කරගෙන පවුල නඩත්තු කරන්නේ...? ඊට පස්සේ එන ප්‍රශ්නවලට තනියම මුහුණදෙන්න එපැයි...!

:       0       0

බකල ජයා Thursday, 07 November 2024 12:19 PM

මේක දේව අනුහසින් පහළවුනු එකක් වෙන්න බැරිද? මොකද මම දන්නා විදියට මේ කපු මහත්තයාගේ දෙවි මහත්තයා ජපානේ කාර් කොම්පැණියක වැඩ කෙරුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 214 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 445 1

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


කතානායක බංගලාවේ වියදම් භාගයක්ම කපයි
2025 මැයි මස 05 629 1

කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජන්ද මධ්‍යස්ථාන 13759 ක් සකස් කිරීම අද ඇරඹෙයි
2025 මැයි මස 05 130 0

පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ජනාධිපතිට කළ චෝදනා හොයන්න කියන්න ජවිපෙ මහ රෑ සී.අයි.ඩී යයි
2025 මැයි මස 05 1704 1

ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම


අද කාලගුණය
2025 මැයි මස 05 78 0

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 681 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 175 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1205 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site