IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගල්ගමුවේ දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මග අවහිර වෙයි

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ගල්ගමුව හා අඹන්පොළ දුම්රිය ස්ථාන අතර මීගස් හන්දිය ප්‍රදේශයේදී පීලි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි දුම්රිය පාලනාධිකාරිය කියයි.

train-jump_20151061 train-jump_20151062 train-jump_20151063

ඡායාරූප - ජනක රොෂාන් රණසිංහ

 

 



අදහස් (0)

ගල්ගමුවේ දුම්රිය පීලි පැනීමකින් උතුරු දුම්රිය මග අවහිර වෙයි

චානක Wednesday, 07 October 2015 01:43 AM

මේක හරි වැඩක්නේ. ගොඩක් වෙලාවට උතුරු දුම්රිය පීලි පනිනවානේ (නි)

:       0       0

ජස්ටින් Wednesday, 07 October 2015 02:21 AM

ඔහොම ගියාම ලංකාවේ මුළු දුම්රිය සේවයම පීලිපනීද දන්නේ නැහැ (නි)

:       0       0

මිලාන් Wednesday, 07 October 2015 02:33 AM

සිල්පර කොට ගොඩක් අබලන්. ඒ වගේම බලන්න කිසිම නඩත්තුවක් නැහැ. හැමදාම දුම්රිය දෙපාර්තමේන්තුව අකාර්යක්ෂමයි. (නි)

:       0       0

ගාමිණී දයාරත්න Tuesday, 06 October 2015 01:09 PM

මෙය වහා සොයාබැලිය යුතුය. මොකද කෝච්චි පීලිපනින එක දැන් වැඩිවෙලා (නි)

:       1       0

වරුණ Wednesday, 07 October 2015 03:26 AM

පහුගිය ආණ්ඩුව කාලයේ හොඳට තිබුණ කොළඹ - මාතර රේල් පාර ගළවලා එක්ස්ප්‍රස් යන්න හැදුවා. ඒත් තාමත් දුම්රිය ප්‍රමාදයි.කෝටි ගණන් සල්ලි නාස්තිකළා. හදන්න තිබුණේ අනුරාධපුර ලයින් එක (නි)

:       0       0

පෙරේරා Tuesday, 06 October 2015 01:15 PM

" අද දින ලංකාවේ සියලුම දුම්රිය පීලි වලම ගමන්කොට ඇත" කිවුවොත් අන්න එතකොට තමයි පුදුමවෙන්න ඕනෑ (නි)

:       0       0

නිකිල් Tuesday, 06 October 2015 01:18 PM

සුද්දන්ගේ කාලේ දාපු සිල්පර කොටන්ද කොහෙද තාම තියෙන්නේ. (නි)

:       0       0

දිලිප් Wednesday, 07 October 2015 03:51 AM

සිල්පර කොටයට පීල්ල සම්බන්ධ කරන්නේ හතරැස් යකඩ පට්ටම් දෙකකින්ය. එම යකඩ පට්ටම ඇණ 4ක් විද සම්බන්ධ කල යුතු වුවත් අමතර කොටස් හිග වීම මත දැන් විදින්නේ ඇණ 2ක් පමණි. එම නිසා සම්බන්ධ වන කොටස පුර්ණ සවිමත් වීමක් නොවේ. (ස)

:       0       0

චන්ද්‍රිකා Wednesday, 07 October 2015 04:06 AM

මෙම රේල් පාරවල් අලුත්වැඩියා කල යුතුයි. (ස)

:       0       0

රන්ජන් Tuesday, 06 October 2015 02:14 PM

ලංකාවේ ධාවනයවෙන දුම්රිය වලින් වැඩි කොටසක් වසර 30 වැඩි පරණ එන්ජින් සහ පෙට්ටි වගේම නිසිලෙස පාරවල් සකස්කර නැතිකමින් නිතර මෙවැනි දේ වෙනවා. මම දුම්රිය ගමනේදී නිතර බයෙන් යන්නේ කඩුගන්නාවත් රඹුක්කනත් අතර. මේ මඟ පීලි පැන්නොත් පෙරළෙනවා නේද? පසුගිය දිනවල මැදිරි ගැළවීගොස් තිබුනා. මේ වගේ දෙයක් මේ කොටසේ වුණොත් කියන්න දෙයක් නැහැ (නි)

:       0       0

රුචී Wednesday, 07 October 2015 05:36 AM

පළමු පින්තූරෙ ඉන්න දරුව ලොකුවුනාම මේවට විසඳුම් දෙන්න වගෙයි කල්පනාව. (ස)

:       0       0

විදූ Wednesday, 07 October 2015 09:31 AM

රේල් පීලි වෙල්ඩ් කරලා කොන්ක්‍රීට් සිල්පර යොදා මි.මී 350 ක් ගල් දාල අලුත්වැඩියා කළා නම් පීලි පනින එක නවතිනවා.දුම්රිය දෙපාර්තමේන්තුව මේ පිලිබඳ කල්පනා කරන්න ඕන. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 10:12 AM

ශ්‍රී ලංකාවේ අනෙකුත් දෙපාර්තමේන්තු වගේම දුම්රිය දෙපාර්තමේන්තුවත් යන්නේ නුහුරට. එ්කයි පිලි පනින්නේ. (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Tuesday, 06 October 2015 07:36 PM

දුම්රිය දෙපාර්තමේන්තුව නිදිද ?පිලි පනින එකට පිලියමක් සොයා ගැනීමට නොහැකි අධක්ෂ මන්දගාමී කාර්ය මණ්ඩලයකින් සමන්විත යැයි හැගේ .(අ)

:       0       0

අතුල Tuesday, 06 October 2015 11:16 PM

අපේ ජනපතිතුමන්ගේත් රනිල් මැතිදුන්ගේත් පොරොන්දුවලට අනුව දුප්පතාටත් වාහනයක් ගන්න පුළුවන්කමක් මේ අය වැයෙන් සැලසෙනු ඇතියි අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. (අ)

:       0       0

ප්‍රියංකා Wednesday, 07 October 2015 07:13 AM

උතුරු දුම්රිය මාර්ගය කොන්ක්‍රීට් සිල්පර යොදා අලුත්වැඩියා කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තවමත් කල්පනා නොකරන්නේ මොන හේතුවක් නිසාද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site