අයි. පී. එල්. තරගාවලියේ 69 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 50 ක පහසු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ අසාර් මහමුද් පන්දු 44 කදී ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක්ද සමගිනි. ලකුණු 24 කට මුම්බායි පිලේ කඩුලූ 2 ක් දවාගැනීමටද ඔහු සමත්විය.
ශෝන් මාර්ෂ් (63) සමග එක්වූ අසාර් මහමුද්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 148 ක සම්බන්ධතාවයක් පිහිටුවමින් තම පිලේ ලකුණු ප‍්‍රමාණය 183 ක් දක්වා ඔසවා තැබීය.
තම අවසන් අයි. පී. එල්. තරගයට කී‍්‍රඩා කළ පන්ජාබ් පිලේ නායක සහ කඩුලූ රකින කී‍්‍රඩක ඇඩම් ගිල්ක‍්‍රිස්ට්, මුම්බායි පිලේ අවසන් ඕවරය යවා එහි පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගෙන තරගය නිමා කළේය.
ලසිත් මාලිංග ඕවර 4 ක් යවා ලකුණු 39 ක් දෙමින් පන්ජාබ් පිලේ කඩුලූ 3 ක් දවාගත්තේය.
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 183
(ශෝන් මාර්ෂ් 63, අසාර් මහමුද් 80, මනන් වෝරා නොදැවී 20, ලසිත් මාලිංග 39/3)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 133
(ආදිත්‍ය ටාරේ 22, අම්බටි රයිඩු 26, රෝහිත් ශර්මා 20, කිරන් පොලාඞ් 22, රිෂි ධවාන් 14, පියුෂ් චව්ලා 20/2, අසාර් මහමුද් 24/2, සන්දීප් ශර්මා 39/2)
(*)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිල්ක‍්‍රිස්ට්ගේ පළමු පන්දුවෙන්ම පන්ජාබ් පිලට ලකුණු 50 ක ජයක්
සුරේෂ් Sunday, 19 May 2013 04:48 PM
මාලිංග විකට් 100ක් ගත්ත පළවෙනියා. අපෙන් සුබ පැතුම්.(නදී)