IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් දෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට  අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක්  යොදන්නැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

රටේ පාසල් බොහොමයක ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්විය හැකි ගුරුවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත්  රාජ්‍ය සේවයේ  පිරිස් බඳවා ගැනීමෙන් එම ගැටලුවද විසඳෙන බවත්  මන්ත්‍රීවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසුවේ ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මතු කරන ප්‍රශ්නය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

ලබන වසරේ ජනවාරි සිට ගුරුවරුන් පිරිසක් අලුතින්  බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවද  අමාත්‍යවරයා  සඳහන් කළේය.



අදහස් (4)

ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් දෙන්න

වික්ටර් Friday, 21 October 2022 12:59 PM

එහෙම අය රාජ්‍ය සේවයේ ඉන්නෙ එංගලන්තෙ වෙන්ටැති.

:       0       4

Prabha Friday, 21 October 2022 03:47 PM

ඕනෙම හරකෙකුට පාර්ලිමේන්තු යන්න පුළුවන් බව ඇත්ත.ඒත් ගුරුවරයෙක් ඒ තත්වයට දාන්න පුලුවන්ද?

:       0       2

ekanayaka Friday, 21 October 2022 06:17 PM

සියලූම උපාධිධාරීන්ට අයදුම් කිරීමට හැකි විවෘත exam එකක් පවත්වන්න. 2021 උපාධිධාරීන් හට මේ නිසා අයදුම් කරන්න බෑනේ.

:       0       1

Kaushi Friday, 21 October 2022 07:09 PM

ඕනේම හරකෙකුට සුදුසුකම් නොමැතිව පාර්ලිමේන්තුවට යන්න හැකිබව ඇත්ත... සහ ඕනෑම දේශපාලන පන්දමක් අතැතිව සුදුසුකම් නොමැතිව රාජ්‍ය සේවයටද යාමට හැකි බවත් ඇත්ත... නමුත් ගුරු වෘත්තිය වගේ උසස් වෘත්තියකට නිසි පුහුණුවක් නොලබන සිතැඟි පුද්ගලයින් තෝරාගත හැකිනම් රටේ මේතරම් ගුරු පුහුණු අධ්‍යාපන ආයතන තිබීමටද අවශ්‍ය නැත. නූගත් පිරිස සොයා ගුරු වෘත්තිය තෑගි කිරීමෙන් බිහිවෙන්නේ 225 වගේම සමහරක් රැලක් පමණකි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site