IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ගුරු සංගම් සභාපති සේවයෙන් පහ කළේ පළිගන්නයි‘

අවුරුදු හයකට පෙර රෝගියකු බැලීමට ඉන්දියාවට ගියැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳුදා (25) සිට ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීම නීති විරෝධී බවත්, එය දේශපාලන පළි ගැනීමත් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ඔහු විදෙස් ගත වීම සඳහා 2009.07.16 දින විධිමත් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ බව ද,  ප්‍රියන්ත  මහතාගේ විදේශ නිවාඩු අයදුම්පත් බාර ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිසි සුදුසුකම් නැතිව අදාළ තනතුරුවලට පත් කර ඇතැයි කියමින් ප්‍රියන්ත මහතා එච්ආර්සි/ඒපී/016/2009 (එස්) අංකයෙන්  ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබුණු බවත්, එම පැමිණිල්ලට පළිගැනීමක් ලෙස ඔහුගේ නිවාඩු අයදුම්පත අස්ථාන ගත කර ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට එල්ල කළ නිවාඩු අනුමත නොකර විදේශ ගත වීමේ චෝදනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් කොට මෙය ද්වේෂසහගත කටයුත්තක් බව 2013 මාර්තු අට වැනි දා නිර්දේශයක් ලබා දුන් බවත්, උතුරුමැද පළාතේ අධ්‍යාපනයේ දූෂණවලට එරෙහිව කටයුතු කිරීමේ දී පළාත් අධ්‍යාපන නිලධාරීන් මුදල් අවභාවිත කරමින් යන්නට ගිය විදේශ සංචාරයක් නැවැත්වීමට ප්‍රියන්ත මහතා 17/2012 අංකයෙන් පළාත්බද අධිකරණයේ නඩුවක් ද ගොනු කළ බවත් ස්ටාලින් මහතා කියයි.

විදේශ ගතවූවායැයි කියන සිද්ධියෙන් වසර හයකට පසු සේවයෙන් පහ කර ඇත්තේ වෘත්තිය සමිති ක්‍රියාකාරිත්වය නතර කිරීම සඳහා කළ දේශපාලන පළිගැනීමක් බවත් ඔහු සඳහන් කරයි.



අදහස් (0)

‘ගුරු සංගම් සභාපති සේවයෙන් පහ කළේ පළිගන්නයි‘

නිමල් ජයසිංහ Monday, 26 October 2015 02:25 AM

අපි ඕවා දන්නෙ නැහැ. ඔයාලා ඔයාලම ‍ඕවා බලාගන්න (නි)

:       0       0

චිරාන් Monday, 26 October 2015 02:52 AM

හම්, නාමල්, ඔයාලා දෙන්නා ප්‍රවෘත්තිය හරියට කියෙව්වද? වැඩ තහනම් කරලා තියෙන්නෙ පළාත් අධ්‍යපන අමාත්‍යංශයෙන්. නැතුව මධ්‍යම රජයේ අධ්‍යපන අමාත්‍යංශයෙන් නෙමෙයි. හැම එකකටම යහපලනය ගාවාගන්නෙ නැතුව හරියට කියවලා බලන්න. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 26 October 2015 03:23 AM

රාජ්‍ය නිලධාරියෙක් විධිමත් විනය පරීක්ෂණයකින් මිස සේවයෙන් නෙරපා දැමිය නොහැකියි නේද? අනේ මන්දා කවුද හරි කවුද වැරදි? (නි)

:       0       0

කුරුවිට Monday, 26 October 2015 03:52 AM

ටිරාන් ඔයා කහින්නෙත් යහපලානේ හොඳයි කියලනේ මරු ඔහොම යමු (රේ)

:       0       0

සෙනෙවි Monday, 26 October 2015 05:45 AM

අයදුම්පත්‍රයක් ඉදිරිපත් කලද අනුමැතිය ලබාගැනීමෙන් තොරව විදේශ ගත උනේ නම් එය බරපතල විනය විරෝධී ක්‍රියාවක්. (ර)

:       0       0

දහම් Sunday, 25 October 2015 01:20 PM

ආ ඕකටනේ ඔහෙලා කැස්සේ යහපාලානේ හදන්න. (බ)

:       0       0

මානි Sunday, 25 October 2015 02:50 PM

මෙය මම දන්නා දොස්තර කෙනෙකුටත් උනා. නිතිය කටත් එකය. (අ)

:       0       0

නාමල් Sunday, 25 October 2015 03:12 PM

ඇයි අවුරුදු 6 බලාහිටියේ... මේක පලිගැනීමක් වියයුතුයි...(රේ)

:       0       0

දිනේශ Sunday, 25 October 2015 04:06 PM

දහම් මේගොල්ල බොරුවට කඩේ ගිහිල්ල හදාගත්ත යහපාලනෙන් මේ අයටම අයහපත් පාලනයක් වෙලා. අර නිර්මාල් ආචර්ය තුමත් කිවේ ඉස්සෙල්ල හිටපු අය හොදයි මේ යහපාලනයට වඩා කියල (රේ)

:       0       0

ප්‍රියන්ත වෙලගෙදර Sunday, 25 October 2015 05:13 PM

නිර්මාල් ආචාර්ය තුමා හොඳට බඩ කට පිරෙන්න ගුටි කෑවෙත් ඉස්සෙල්ල හිටපු මහින්දගේ මැර කණ්ඩායම් වලින් තමයි...(රේ)

:       0       0

නිරාන් Monday, 26 October 2015 10:17 AM

නිවාඩු අනුමත නොකර කොහොමද නිවාඩු යන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site