
(ජේ ඒ එල් ජයසිංහ)
ගුරු සංගම් නියෝජිතයන් වු ජෝෂප් ස්ටාලින් මහින්ද ජයසිංහ ඇතුළු ගුරු සංගම් නියෝජිතයන් මැදරට ගුරුවර ගරුවරියන් දහස් ගණනක් මහනුවර නගරයට එක්රොක්වී අද පසවරුවේ (20) ආරම්භ කල දැවැන්ත උද්ඝෝෂණය හේතුවෙන් මහනුවර නගරය උණුසුම් විය.
ගුරු වැටුප් විෂමතාවය ඉවත් කර ගුරුවැටුප් වැඩිකිරීම, විදුහල්පති පුරප්පාඩු පිරවීම සහ දරුවන්ගෙන් මුදල් අයකිරීම, පාසැල් දරුවන්ට උපකරණ ලබාදීම යන ඉල්ලීම් මුල්කරගනිමින් ගුරුවරු මෙම ගරුඋද්ඝෝෂණය සහ විරෝධතා පා ගමන පවත්වා රජයට සිය විරෝධය පළ කළහ.
මහනුවර නගරයේ දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට පා ගමනින් විරෝධතා පෙළපාළියේ පැමිණි විරෝධතාවයට එක්වූ ගුරුවර ගරුවරියන් හා වෘත්තිය සමිති නායකයන් දළදා වීදීයේ මාර්ගයද අවහිර කරමින් සටන් පාඨ කියමින් පැමිණ නගරය මැදරැඳී උද්ඝෝෂණය පැවැත්වුහ.
පෙළපාළි යමින් මාර්ගය අවහිර කිරී ම් සිදු නොකරන ලෙස දන්වා මහනුවර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝග ලබාගත්තද,විරෝධතාවයට එක්වූ ගුරු සංගම් නියෝජිතයන් සහ ගුරුවරු අධිකරණ නියෝග නොසළකා හැර නගරයේ පුධාන වීථී අවහිර කරමින් විරෝධතාවය පවත්වාගෙන ගියහ.
මෙම විරෝධතාවය සඳහා මහනුවර සහ අවට පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් නිලධාරිනියන් පන්සීයකට අධික පිරිසක් නුවරට කැඳවා තිබිණි.බැටන් පොලු වලින් සන්නද්ධ පොලිස් භටයන් රැසක් මෙදින ආරක්ෂාවට යොදවා තිබිණි.පැයකට අධික වෙිලාවක් උද්ඝෝෂණය කරමින් විරෝධතාවයේ යෙදුණු පිරිස් පසුව සාමකාමීව විසිර ගියහ.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු සංගම් නියෝජිතයෝ මහනුවරදී විරෝධයක