IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුරු සංගම් උද්ඝෝෂණයෙන් ඉසුරුපායේ කළබලයක්

(ජයමාල් චන්ද්‍රසිරි)

 ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්  ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට  මේ වන විට ගුරු සංගම් කිහිපයක් එක්ව උද්ඝෝෂණයක් අරඹා තිබේ.

බුද්ධදාස ක්‍රිඩාංගණය අසළින් ඇරැඹි උද්ඝෝෂණය  මේ වන විට  අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවැත්වෙන අතර ගුරු සංගම් දෙකක් එකිනෙකට විරුද්ධ මත පළ කිරීම සහ සිය ඉල්ලීම් පිළිබඳව  කරුණු  ඉදිරිපත් කිරීම නිසා මේ වන විට උද්ඝෝෂකයින් අතර  උණුසුම් තත්ත්වයත් මතු  වී ඇත.

මේ හේතුවෙන්  කොට්ටාව , පැලවත්ත  මාර්ග අංක  174 හි වාහන ගමනා ගමනය මුළු මනින්ම නැවතී ඇති අතර දැඩි  රථවාහන තද බදයක්ද පවතී.අවට ආරක්ෂාව  වෙනුවෙන් පොලීසිය හා කැරලි මර්දන ඒකකය යොදවා  තිබේ.

ඡායාරූප සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න

https://tinyurl.com/yc8scbqz



අදහස් (7)

ගුරු සංගම් උද්ඝෝෂණයෙන් ඉසුරුපායේ කළබලයක්

Mallikaa.warnauriya Wednesday, 04 July 2018 06:30 AM

හැමෝගෙම වැඩ උද්ඝෝෂණ කරන්න එක............

:       66       93

manoj Wednesday, 04 July 2018 07:01 AM

වැඩ කරන මිනිසුන්ගේ කාලේ කන්නේ නැතුව මුලින්ම කොහෙට හරි රැස් වෙලා තමන්ගේ ප්‍රශ්න ඉවර කරගෙන එක මතයකට ඇවිල්ලා ඊට පස්සේ ඒක රජයට ඉදිරිපත් කරන්න.

:       95       150

pissa Wednesday, 04 July 2018 07:43 AM

ළගදි දමිළ චිත්තරපටියක් බැලුවා ඉන්දියාවේ දේශපාලනය ගැන (ලංකාවටත් අදාල වේ). සැබෑ ලෝකේ එය යථාර්තයක් කල හැකි නම් රටම ඉහලට ගෙන යා හැකිය. හැම පැතිකඩක් ගැනම අධ්‍යක්ෂක කතා කරනවා. උද්ඝෝෂණ ගැන පවා.

:       0       3

රවීන්ද්‍ර Wednesday, 04 July 2018 07:48 AM

අවුරුදු 20 ක් විතර දේශපාලන පළිගැනීම් වලට ලක් වූවන්ට සාධාරණයක් ඉටු කරන්න කීවෙත් මේ අයමයි. ඒකට කමිටුවක් දාල සොයා බලල අසාධාරණ වූ අයට සාධාරණය කළාම ඒකටත් විරුද්ධව වැඩ වර්ජනය කරනවා. පුදුම කුහකයෝ ටිකක්. මේගොල්ලන්ගෙන් ඉගෙන ගන්න අපේ දරු පරපුරට යන කල දසාව අයියෝ.

:       1       1

Nimal Wednesday, 04 July 2018 07:59 AM

අවිධිමත් ලෙස දේශපාලන පලිගැනීම සිදුවූ බව කියන අයට පත්වී ම් දීමට විරුද්ධව උද්ඝෝෂණ කලේ.

:       10       10

rohan Wednesday, 04 July 2018 08:19 AM

තමුන්ගේ බඩවඩා ගැනීම සදහා අනුන්ට හිරිහැර වෙන විදිහට කරන මේ උද්ඝෝෂණයෙන් තරයේ හෙළාදකිමු ගුරු සේවය යනු ගරු සේවයන් බව මේ ගුරු හොරු අමතක කරලා නැත්නම් දරුවන්ට උගන්වන්න තියන වටිනා කාලය මේවගේ පලක් නැති උද්ඝෝෂණ වලට යොදාවිද .

:       46       34

BamunuarachchiSaturday, 07 July 2018 01:19 AM

ඉස්කෝලෙක ගිහින් නැති පාටයි පෙනෙන්නේ. ඒකනේ ප්‍රශ්නයක මූලාශ්‍රය හොයන්න ඉගෙනගෙන නැත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31540 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13894 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1078 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site