IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුරු විරෝධතාකරුවන්ට මාර්ග කීපයක් තහනම් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු සහ නිමන්ති රණසිංහ)

"ගුරු මාරු මණ්ඩලය" විසුරුවා හරින ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව සිදුකරන විරෝධතා ව්‍යාපාරයේ විරෝධතාකරුවන්ට, මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (22)නියෝගයක් නිකුත් කළේය.

කොටුව පොලිසිය සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාීසිය සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

විරෝධතාකරුවන්ට මහජන පීඩාවක් සිදු නොවන ආකාරයෙන් උද්ඝෝෂයේ නිරත විය හැකි බවත්, එසේ නොමැතිව කලහකාරී ලෙස, අනීතිකව හැසිරුනහොත් පොලිස් බලතල සහ දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති අනුව ක්‍රියා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

කොටුව දුම්රිය ස්ථානයේ සිට සී. ටී. ඕ. හන්දිය දක්වා ඕල්කට් මාවත, සී. ටී. ඕ. හන්දියේ සිට සෙරමික් හංදිය, එන්. එස්.ඒ. වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ග, යෝර්ක් වීදිය, බැංකු මාවත , බාරොන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලුමෝදර වට වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වාත් වන සියලු මාර්ග අවහිර නොවන ලෙසට ක්‍රියා කරන්නැයිද අධිකරණය මෙම නියෝගයෙන් වැඩිදුරටත් විරෝධතාකරුවන්ට නියම කර ඇත.

 



අදහස් (2)

ගුරු විරෝධතාකරුවන්ට මාර්ග කීපයක් තහනම් කරයි

Chris Wednesday, 22 March 2023 12:32 PM

සටන කවරකුට එරෙහිව කවරකට එදිරිව සිදු වුවද ඒවාට මුහුණදීමට සිදුවන්නේ ආරක්ෂක අංශවලටය. එයිනුත් පොලිසිය ඉදිරියෙන්ය. විරෝධතාකරුවන්ගේ දහසක් බලපෑම් තර්ජන හා අවලාද හා උපහාස මැද රාජකාරි කටයුතු කිරීමට පොලිසියට සිදුවේ. ඇතැම්විට අරගලකරුවන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ගොදුරුවීමටද පොලිස් නිලධාරීන්ට සිදුවේ. එය එසේ වුවද වෘත්තීය ගරුත්වය රැකගනිමින් සංයමයෙන් හා උපේක්ෂාවෙන් යුතුව රාජකාරියේ නියැළීමට පොලිසියට සිදුවේ.

:       1       6

fairoos Wednesday, 22 March 2023 12:58 PM

මර්ධනය විතරයි පුළුවන්

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site