ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් ඉදිරිපත් කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ගුරු-විදුහල්පති සමිති නමයක අත්සනින් අධ්‍යාපන ලේකම්ට යොමු කළ ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු පමණක් සහභාගී කර ගනිමින් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් ලංකා ගුරු සංගමය කියයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ 2008.12.03 අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපත් කළ අතුරු වැටුප් යෝජනා ඇතුළු කාරණා තුනක් ගැන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් ඔක්තෝබර් 24 වැනිදා ගුරු විදුහල්පති සංගම් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එලෙසින්ම බවත්වන බවයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුරු-විදුහල්පති වර්ජනය 24?
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:44 PM
ඕන එකක් කරගන්න, පාසල් වහන්නෙ නැතුව. (නි)
චූලක Friday, 19 October 2012 01:09 PM
වර්ජනයට කොහොම ප‍්‍රතිචාර දක්වයිද දන්නෙ නැහැ. මේ රටේ සිදුවෙන නාස්තිය නවත්තලා ගුරුවරුන්ට මේ ඉල්ලීම් ටික දෙන්න පුළුවන්නෙ. (නි)
ෂෙරීෆ් Friday, 19 October 2012 01:32 PM
විපක්ෂය අවදිවෙවු! (නි)
ලලිත්-කටාර් Friday, 19 October 2012 01:23 PM
ඇර සොයිසා ඇර. (නදී)
දර්ශන් Friday, 19 October 2012 01:35 PM
පිස්සු හැදෙනවා. (නි)
ජනක Friday, 19 October 2012 03:10 PM
මෙයාලට 6% ඕනි නැද්ද ? පඩිය විතරද වැඩි වෙන්න ඕනි ? (ස)
තනුජා Friday, 19 October 2012 04:00 PM
දැන් ඉතින් වර්ජන කරන කට්ටියට බණියි නේද? (නි)
ඉන්ද්‍රජිත් Saturday, 20 October 2012 11:43 AM
උපදෙස් නොදෙන උපදේශකලාට, යුක්තිය ඉටු නොකරන පොලීසිය හා අනෙකුත් ආයතන වලට, විභාග අනාගන්න විභාග දෙපාර්තමේන්තුවට, මිල පාලනය නොකරන මිල පාලන දෙපාර්තමේන්තුවට, බාල බෙහෙත් හා ඉන්ධන ගෙන්වා සැපසේ සිටින නිලධාරීන්ට බනින්න නොඇරෙන කටවල් ඔන්න දැන් පනගහලා ඇවිත් දරුවන්ගේ ඉගෙනීම ගැන කියකියා බනින්න ගනීවි. (ස)
උෂාන් Saturday, 20 October 2012 02:00 PM
ඕන එකක් .පාසල් ටික වහන්නේ නැතුව.උසස්පෙල පිළිතුරු පත්‍ර බලන එක නතර කරන්නේ නැතුව (ස)