
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට ගෙනවිත් තිබෙන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාර්ලිමේන්තුවේදී අද (25) පැවසුවාය
ඇය මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
වැටුප් වැඩි කිරීම සමග වැටුප් ශ්‍රේණි අතර හත්වෙනි ස්ථානය විදුහල්පතිවරුන්ටත් අටවැනි ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී ඇති බව අගමැතිවරිය කීවාය.
විදුහල්පතිවරුන්ගේ වැටුප රුපියල් 30105කින්ද ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25360කින්ද වැඩි කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු - විදුහල්පති වැටුප් ඉහළම ශ්‍රේණි දහය අතරට
Neel Tuesday, 25 February 2025 05:33 PM
දැන්වත් ළමයින්ට අමතර පන්ති යන එක නතර කරන්න උත්සහ කරන්න.
සුරනිමල Wednesday, 26 February 2025 11:30 AM
ළමයෙකුට අමතර පන්ති අවශ්‍යද, නැද්ද කියන කාරණාව රැඳී ඇත්තේ ඔයාගෙයි මගෙයි හෝ ගුරුවරුන්ගේ අතේ නෙමෙයි. එය තීරණය වන්නේ පාසලේ තිබෙන භෞතික සම්පත්, මානව සම්පත්, ගුරුවරුන්ගේ හැකියාවන්, ළමයින්ගේ හැකියාවන්, පාසලේ පරිසරය, පවුල් පරිසරය, දෙමව්පියන්ගේ උනන්දුව ආදී ගොඩාක් දේවල් බලපානවා. ගුරුවරුන්ගේ හැකියාවන් එකිනෙකාගෙන් වෙනස්. ළමයින්ගේ හැකියාවන්ද එකිනෙකාගෙන් වෙනස්. සියළුම දරුවන්ට අමතර පන්ති අවශ්‍ය නැතිවෙන්න පුළුවන්. සමහර ළමයින්ට එක සැරයක් කියනකොට තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා. එවැනි අයට අමතර පන්ති අවශ්‍යමය.
ගුණරත්න Wednesday, 26 February 2025 05:44 PM
ගුරුවරුන්ට පඩි වැඩි කරන එක හොඳයි, දවසෙන් භාගයක් නිකන්, අවුරුද්දේ මාස 3ක් නිකන්, සති අන්ත පොදු නිවාඩු දවස් ටිකෙත් නිකන්, කරනවා නම් කරන්න හොඳම ජොබ් එක...!
අනුරාධා Wednesday, 02 July 2025 08:38 PM
කිය කිය ඉන්නෙ නැතුව කරලම බැලුවොත් හොඳයි නේද