
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වන ගුරුවරුන්ගේ මාරු වීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා උගන්වන ගුරුවරුන් හදිසියේ මාරු කිරීමෙන් සිසුන්ට අගතියක් වන බව ගුරුවරුන්ගේ ද අදහස වී ඇතැයි ප්‍රේමජයන්ත මහතා කීය.
සෙසු ගුරු මාරු සම්බන්ධයෙන් අප්‍රේල් 17 නිවාඩුවෙන් පසු තීරණයක් ලැබෙනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
ගුරු මාරු සම්බන්ධයෙන් රජය අත්තනෝමතික හෝ අනීතික ක්‍රියාවලියක් සිදු කර නැතැයිද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු මාරු ප්‍රශ්නෙට සුසිල්ගෙන් සජිත්ට පිළිතුරක්
බැට කෑ ගුරු Tuesday, 21 March 2023 12:26 PM
මෙවර විතරක් නෙවෙයි. පහුගිය වතාවන් වලදීත් වෘත්තිය සමිතිවලට අවශ්‍ය අය අවශ්‍ය තැන්වලට දා ගත්තා. වෘත්තිය සමිතිවලට අවශය අය ජාතික පාසල්වලට දාල ඒවයේ වැඩ කඩාකප්පල් කලා ඉතා හොඳින්. පාසල් විනාශ කලේ ඔය වෘත්තිය සමිතිකාරයො. ඒ නිසා මාරු මණ්ඩල වලින් ඕකුනව ඉවත් කරන්න. ලකුණු ක්‍රමයක් පදනම් කරගෙන සාධාරණ විදියට මාරුවීම් ක්‍රියාත්මක කරන්න. විවෘත භාවයක් තිබිය යුතුයි.
wedage Tuesday, 21 March 2023 12:42 PM
පිනා සුසිල් කඩුවෙලට එපා