IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියාතික කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්වාධීන සහ ස්වයං මූල්‍යන ආයතනයක් ලෙස පිහිටුවා තිබේ. 

එම මධ්‍යස්ථානය මඟින් ඉටු කළ යුතු කාර්යයන් යාවත්කාලීන කිරීම සඳහා එහි කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ අනෙකුත් ආයතන හා සංවිධාන සමඟ හවුල්කාරීත්වයන් ස්ථාපිත කරගැනීම යුනෙස්කෝ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත. 

ඒ අනුව, ගුණාත්මකභාවයෙන් හෙබි මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ නව පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම මඟින් කලාපීය සහයෝගීතාව තව දුරටත් වර්ධනය කර ගැනීම හා 2030 තිරසර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයේ දක්වා ඇති ඉලක්ක ඇතුළුව ජාතික සහ කලාපීය ක්‍රියාකාරී සැලසුම් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියා කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ. 

යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසර  ලැබී ඇත. 

එකී ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්  අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

ගුරු පුණුවට ජාත්‍යන්තර ත්‍රෛයි පාක්ෂික ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site