වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ප්ලාස්ටික් ගෑරුප්පුවක් තිබූ පුද්ගලයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ බාර්න්යේ මහ රෝහලින් වාර්තා වේ. බඬේ ඇතිවූ දැඩි වේදනාවකට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණි ලී ගාඞ්නර් (40) ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ වෛද්‍යවරුන් ඔහුගේ කුසේ අසාමාන්‍ය දෙයක් දැක ඔහුට හදිසි සැත්කමක් කළහ. තමාට අත් වැරදීමකින් මෙයට වසර දහයකට පෙර මෙම ගෑරුප්පුව ගිලූණු බවත්, ඒ ගැන කිසිවකුට නොපැවසූ බවත් ලී පවසයි. ලීගේ බඬේ තිබූ ගෑරුප්පුව දුටු ගමන් තමන් පුදුම වූ බවත්, සමහර තුවාල ඉබේ සනීප වී ඇතත්, තවත් තුවාල කීපයක් තිබෙන බවත් ඔහුට ප‍්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය හානිස් ෂිමානි කියයි.
ඔහුගේ උදරයේ කැපුම සෙන්ටිමීටර 23ක් දික් විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගෑරුප්පුව දස වසරක්ම බඬේ
සනත් Thursday, 23 August 2012 01:41 PM
මොන මෝඩයෙක්ද මන්දා. ගිලිච්ච දවසේම කියන්නනේ තිබුණේ. (නි)
මධුර Thursday, 23 August 2012 06:35 PM
මේවගේ සුදුමහත්තුරුත් ඉන්නවාද ලෝකෙ..!!(නු)
ජගත් Thursday, 23 August 2012 01:41 PM
මෙහෙම ගියොත් බොන කෝප්පෙත් ගිලෙයිද දන්නේ නැහැ. (නි)
අමිල කටුනායක Thursday, 23 August 2012 01:48 PM
කෑමයි ගෑරුප්පුවයි මාරු වෙලා වෙන්න ඇති. (නි)
ඉන්ද්‍රජිත් Thursday, 23 August 2012 07:18 PM
ඕක නම් මහා ලොකු පුදුමයක්ය? වානේ කුළුණු බර ගණනක් ගිල දමලා කිසිම අන්තරාවක් නැතිව අගේට ඉන්න අය අපේ රටේ ඉන්නේ. (නි)
සුදේශ් Friday, 24 August 2012 04:53 PM
මාර අයියා කෙනෙක්නේ. අපේ අයියලා ගිලින දෙවල් එක්ක බැලුවම, ඕකසුළු දෙයක්. (අ)
සංජය Friday, 24 August 2012 05:20 PM
මොන මෝඩයෙක්ද මන්දා. ගිලිච්ච දවසේම කියන්නනේ තිබුණේ (අ)
රොබට් Thursday, 23 August 2012 02:34 PM
මිනිස් කටක්ද කිඹුල් කටක්ද (ස)
ගයා Thursday, 23 August 2012 08:44 PM
විදේශිකයෙක්ට මෙහෙම වුණා කියන්නත් ලැජ්ජයි. (නි)
අන්සාර් Friday, 24 August 2012 11:16 AM
ඇමතිවරුන්ගේ බඩේ මුලු රටම. දුප්පතුන්ගේ බඩේ ගල්. (නි)
අනුරසිරි Friday, 24 August 2012 08:50 PM
හිතන්නත් පුදුමයි. ඒ වෙලාවෙම කියන්නනේ තිබුණේ. (නි)
නසාර් Thursday, 23 August 2012 09:56 PM
හැන්ද අරන් කතුර බඩේ තිබ්බ ද දන්නේ නෑ (අ)
සේනානායක Thursday, 23 August 2012 03:25 PM
ඔයින් ගියා මදැයි..(ස)
සුනිල් Thursday, 23 August 2012 10:14 PM
අවුරුදු දහයකටම එකයිද ගත්තේ? (නි)
සංජීව Friday, 24 August 2012 12:22 AM
මෙන්න පුරාවස්තුවක්...!!(නු)
කසුන් Friday, 24 August 2012 02:24 AM
මෙතන බය වෙන්න තරම් දෙයක් සිදුවෙලා නැහැ. (නි)
සමන් Friday, 24 August 2012 02:47 AM
මේවා මොනවද? කිසිම වේදනාවක් නැතුව රටම ගිල දමන පුද්ගලයින් අපේ රටේ ඉන්නවා. (නි)
සුපුන් Friday, 24 August 2012 04:46 AM
ඇයි දෙයියනේ, බේ ගිලෙන්න තරමටම ගෑරුප්පුව පුංචි එකක්ද? (නි)
සජී Thursday, 23 August 2012 05:43 PM
තව ටික දවසකින් හැන්දකුත් තියෙනවා කියයිද දන්නේ නැහැ. (නි)
ජානක Thursday, 23 August 2012 12:55 PM
වාසනාව(ස)