
(අංජුල මහික වීරරත්න)
2025 ජනවාරි මස 1 දින සිට අගෝස්තු මස 1 දින දක්වා වන මාස 7ක කාලයේදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 7ක කාලය තුළදී පුද්ගලයන් 45111ක ප‍්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
රටේ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතින බව ද අමාත්‍යාංශය කියයි.
2025-08-01 දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකායත් ත‍්‍රිවිධ හමුදාවත් එක්ව සිදු කළ විශේෂ වැටලීම්වලින් හෙරොයින් සම්බන්ධව 161 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව එදින දින පමණක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්ධයෙන්ද පුද්ගලයන් 161 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අනෙකුත් මත්ද්‍රව්‍යද ඇතුළත්ව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්දයෙන් පමණක් පුද්ගලයන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම 2025 ජනවාරි මස 01 වන දින සිට 2025 අගෝස්තු මස 01 දින දක්වා වන මාස 07ක කාලය තුළදී පමණක් හෙරොයින් කිලෝ 930.125 ක ප‍්‍රමාණයක්ද ඒ අනුව හෙරොයින් සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 37251 දෙනෙකු මුල් මාස 07 කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 ජනවාරි මස 01 දින සිට අගොස්තු 01 දක්වා වන මාස 07 ක කාලය තුළදී ගංජා සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 40404ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර කිලෝ 11 438ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2108
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිය මාස හතට ’’අයිස් කාරයෝ’’ 45111ක් පොලිස් දැලේ
Perakum Liyanagama Saturday, 02 August 2025 07:57 PM
අල්ලනවා විතරයි, දඬුවම් දීපු බවක් ඇහෙන්නේ නෑ.