IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොයම කහ නම් බණ්ඩි යොදන්න

(අංජුල මහික වීරරත්න)

ගොයම කහ වීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර යොදන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ දිනවල ඇතැම් ප්‍රදේශවල වගා කර ඇති වී වගා  කහ පාට වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව කියයි.

 ගොයම් කහ පැහැතිවීම රෝග තත්ත්වයක් නොව ගොයම් ගසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම නිසා සිදුවන ඌණ පෝෂණ තත්ත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

 බොහෝ ගොවි ජනතාව වී වගාව සඳහා යුරියා පොහොර යොදා ඇතත් (මියුරේට් ඔෆ් පොටෑෂ් MOP) හෙවත් බණ්ඩි පොහොර  යෙදීමට පියවර ‌ නොගැනීම ‌ ගොයම් ගස් කහ වීමට හේතුවී තිබෙන්නේ යැයිද වී පර්යේෂණායතනය  සඳහන් කරයි.

 වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් බැගින් රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන අතර මේ වනවිට රුපියල් මිලියන 4500කට ආසන්න මුදලක් ගොවි ගිණුම් වලට බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.



අදහස් (1)

ගොයම කහ නම් බණ්ඩි යොදන්න

පිටරටවැසියා Thursday, 13 June 2024 04:33 PM

දියවන්නාවේ ඉන්න ගොඩක් කට්ටියත් "කහ පැහැති වීමේ" රෝගයෙන් පෙළෙනවා ජරාව නැතිව ...!!! මොකද, අතලොස්සකට විතරනේ ඇමැති සැප ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site