IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම් සේවක පුටුවෙන් ජනපති පුටුවට

ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනපති ධුරයට මහජන ඡන්දයෙන් තේරී පත් වු මෛත්‍රීපාල සිරිසේන  මහතා  මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත් නොවී  ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් එකම දේශපාලනඥයා වෙයි.

එය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ  පිටු අතර සුවිශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේය.

ප්‍රථම විධායක ජනාධිපති  ජේ ආර් ජයවර්ධන ,දෙවැනි විධායක ජනාධිපති  රණසිංහ ප්‍රේමදාස,තෙවැනි විධායක ජනාධිපති (අනුප්‍රාප්තික) ඩී.බී විජේතුංග,සිව් වැනි විධායක ජනාධිපති  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ  යන මහත්වරුන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කැර ඇත.

මේ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා  ශ්‍රී  ලාංකිය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට  ලක් විය හැකි චරිතයක් වෙයි.

අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් ඇරැඹි ඉපැරැණි රාජ පරම්පරාව  නිම වී  ජනසම්මතවාදී  දේශපාලනය   ක්‍රියාත්මක වු පසු  රාජ්‍ය නායකත්වය  රජරටට හිමිවීමේ  ප්‍රථම අවස්ථාවද දේශපාලන ඉතිහාසයට එක් වන්නේ  මෛත්‍රීපාල සිරිසේන මහතා  ජනාධිපති ධුරයට පත් වීමත් සමඟය.

එමෙන්ම මෙරට දේශපාලන ක්‍රියාවලියේදී  ඉතා වැදගත් වු ග්‍රාම නිලධාරී සේවය යටතේ  කටයුතු කර රාජ්‍ය නායකත්ව ධුරයට පත්වීමේ වාසනාවද මෛත්‍රීපාල සිරිසේන මහතා හිමි කැර ගෙන ඇත.

මේ කරුණු හේතු කැරගෙන අලුත් ශ්‍රී ලංකාවක සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියකට  මුල පිරිමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකිකයනට උදා වී  තිබේ.

 



අදහස් (0)

ගම් සේවක පුටුවෙන් ජනපති පුටුවට

සිරිනිමල් හඟුරන්කෙත Sunday, 11 January 2015 10:49 AM

අපේ බලාපොරොත්තුව ඉටුවී ඇත. ජයවේවා! (නි)

:       0       0

ළහිරු Sunday, 11 January 2015 12:26 PM

දමිල අතිමහත් බහුතරයකිනුත් මුස්ලිම් බහුතරයකිනුත් සිංහල සුලුතරයකිනුත් ජනපති උන එකම සිංහල ජනපතිවරයත් මෛත්‍රී මහත්තය වෙන්න ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site