IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගමේ මන්ත්‍රීවරියන් සියයකට පාර්ලිමේන්තුවෙන් අත්වැලක්

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරියන් සහ සිවිල් ක්‍රියාකාරි නායිකාවන් සියයකට ආසන්න පිරිසක් වෙනුවෙන් පාර්ලිමේන්තු  ප්‍රධානීන් විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ ඇත.

මෙම වැඩසටහන පාර්ලිමේන්තුවේදී  ලබන 12  වැනිදා   පැවැත්වේ.

දේශපාලනය තුළ කාන්තා සහභාගීත්වය  වැඩි කිරීම සහ ඔවුන්ගේ  දැනුවත්බව වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.

මෙම වැඩසටහන සදහා පැෆරල් සංවිධානයද සම්බන්ධීකරණ දායකත්වය ලබාදී ඇත.

මේ අනුව නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කරනු ලැබ ඇත.

මේ අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ  තරුණ තරුණියන් පිරිසක් සදහා ලබන 15 වැනිදා ද  කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් වෙනුවෙන් ලබන 16 වැනි දා ද  පාර්ලිමේන්තු කටයුතු පිළිබද දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබ ඇත.



අදහස් (1)

ගමේ මන්ත්‍රීවරියන් සියයකට පාර්ලිමේන්තුවෙන් අත්වැලක්

A.M.Nilanthi Amarakoon Monday, 12 September 2022 05:38 PM

පළාත් පාලන ආයතන තුළ හඬක් නගන හා සැබෑ දේශපාලන වුවමනාවක් ඇති මන්ත්‍රවරියන් තොරාගන්න පළාත් පාලන ආයතනවල සභා නගරාධිපතිවරුන්ගෙන් නම් ලබගැනිම තුළ ඒ අරමුණ ඉටුනොවන බව අත්දැකීමෙන් දනිමි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 383 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site