
(අංජුල මහික වීරරත්න)
ක්ෂේත්‍ර රාජකාරි වල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය සේවාව ආයතන වලට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා සියලු සෞඛ්‍ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
පවුල් සෞඛ්‍ය සේවාවේ පැන නැගී ඇති ගැටළු සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර එහි දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
සෞඛ්‍ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, එහි දී ක්ෂේත්‍රයේ රාජකාරී නිසි පරිදි ඉටු නොවුන හොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද ඉන් ප්‍රයෝජනයක් නොවන බව පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු වල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බව කීය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගමේ තොටේ බැහැලා වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන්ට සලකයි