IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කරයි

( තිලකරත්න දිසානායක)

තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද " රණවිරු ස්මාරකය "  විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන්,77 වන නිදහස් දිනය සැමරූ අද (4) පෙරවරුවේ විවෘත කළේය.

ගම්පහ රණවිරු සංසදය මගින් මෙම ස්මාරකය ඉදිකොට ඇති අතර මෙහි පිහිටුවා ඇති පළකයෙහි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචිව සිටියදී දේශය වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රණවිරුවන් සිය දෙනෙකුගේ පමණ නම් සදහන්ව ඇත.

වැඩමවා සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරද්දී අම්පෙමොහොට්ටි මහතා විසින් රණවිරු ස්මාරකය නිරාවරණය කළ අතර මෙම අවස්ථාවට ගම්පහ රණවිරු සංසදයේ සභාපති සුමිත් රණවීර , ලේකම් කුමාරි ඇන්තනී , අනුශාසක උපාලි දයානන්ද යන මහත්වරුන්ද , දිවි පිදූ රණවිරුවන්ගේ දූ දරුවන් , මව් පියවරුන් සහ බිරින්දෑවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (3)

ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කරයි

විජේ Tuesday, 04 February 2025 01:24 PM

සරත් ෆොන්සේකා මහත්තයා ඇවිත් නැද්ද? ආවනම් ගොඩක් වටිනවා.

:       1       12

රම්බොඩ Tuesday, 04 February 2025 01:37 PM

රජයේ කවුරුත් නෑ. මොකද එයාලට රණවිරුවන් ඇලජික් නේ.

:       11       12

Neel Tuesday, 04 February 2025 04:11 PM

හැම දේකම අවුලක් හොයන රම්බොඩ හදාදිහා බලන්න .මට නම් හිතන්නේ රාජපක්ෂ රෙජීමයට සම්බන්ධයක් තියෙනවා වගේ.

:       8       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 159 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 306 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 656 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site